මෙරට තුල වංචනික ලෙස මුදල් ජාවාරම් පවත්වා ගෙන ගිය ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු මෙරට පුද්ගලයන් 4000 කගේ පමණ මිලියන 80 ක මුදලක් සමග අතුරුදහන් වී ඇත.
මේ කිසිවක් සොයා නොබලා මේ ජාවාරමට සම්භන්ධ වූ මෙරට පුද්ගලයන්ට මේ අලාභය සිදුවී ඇත.
21 වන සියවසේ විද්‍යුත් සෙල්ලිපිය
අප ජීවත් වන මෙම සියවස මිනිස් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පුඵල් ලෙස විද්‍යාවේ දියුණුව සිදුවු අවධියකි. මිනිස් ජීවිත අතිශයින් ම සුරක්ෂිත කිරීම සඳහා මෙමගින් වී ඇති සේවය නිසා බොහෝ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් දියුණු වී ඇති අතර ආයු අපේක්ෂාව නොසිතූ විරූ ලෙස වැඩි වී ඇත. මෙවන් අති විශාල විද්‍යාත්මක දියුණුවක් මත්තේ වුවද අප බොහෝ දෙනෙකු මිත්‍යා විශ්වාස මත යැපෙමින් කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑව දශකයේ මෙරට සිටි කීර්තිමත් බුද්ධිමතෙකු සහ උසස් ගනයේ විද්‍යා චින්තකයෙකු වු ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා මෙරට ජනතාව මේ මෝහාන්ධකාරයන් ගලවා ගැනීමට කටයුතු කළත් එතුමාගේ අභාවයෙන් පසු එම කටයුතු මන්දගාමී ආකාරයක ම පරිවර්ථනය විය. මේ කාල පරාසය තුල ජ්යෝතිශ්‍යවේදීන් ඇතුලු මිත්‍යා ඇදහිලි ප්‍රවර්ධනය කරන ජාතික ලේබලය යටතේ ප්‍රචාරනය වන සහ අනෙකුත් සියලුම පුවත්පත් බහුප්‍රචාරනයට පත් වීමත් දේවබල, දේවශක්ති සංවිධාන ගොඩනැගීමත්, මුලධර්මවාදී ආගම් කල්ලි බිහි වීම සහ ව්‍යාප්ත වීමත් මිත්‍යාව හිස් මුදුනින් පිළිපදින දේශපාලකයන් තව තවත් බිහි වීමත් හේතුකොටගෙන ශ්‍රී ලාංකේය සමාජය අද මිරිගුවක් පසු පස ලුහුබඳින බව විද්‍යාමාන වේ
මීට වර්ෂ කිහිපයකට පෙර මෙරට පුවත්පත් සහ පත්‍රකලාවේදීන් ස්වල්ප දෙනෙක් වුවත් සමාජ හැගීමෙන් සහ වගකීමෙන් යුතුව පාඨක බුද්ධිය අමතමින් මිත්‍යා විශ්වාස ප්‍රශ්ණ කිරීමටත්, අන් මත නොඉවසන ඇතැම් මුලධර්මවාදී කල්ලිවල බුද්ධියට නිගා දෙන කටයුතු හෙලි කිරීමටත්, මිත්‍යා ඇදහිලි තුලින් අදුරෙන් අදුරට වැටෙන්නවුන් තවත් අදුරට තල්ලු කරන්නන්ගේත්, එසේම මිත්‍යාව තම පැවැත්ම සදහා ධනය උපයන මාර්ගයක් කරගත්තවුන්ගේත් සියලු ක්‍රියා ප්‍රශ්න කරන්නටත් ඉදිරිපත් වී සිටිනු දක්නට ලැබුණි.
නමුත් දැන් දැන් මේ සියලු දේ කනපිට පෙරලමින් බොහෝ පුවත්පත් මිත්‍යාන්ධකාරය වැපිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණකි. මෙම නව ලෝක රටාව තුල ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ජනතාවට ඉතා ප්‍රබලව බලපෑම් එල්ල කරන අතර මෙමගින් කළ හැකි හානියද ඉතා බරපතලයි.
මේ වන විට මෙරට ඇති සියලුම රූපවාහිනී චැනල වලින් උදෑසන ම සිදුකරන කර්තව්‍යයන්ගෙන් එකක් වන්නේ දවසේ පලාඵල කියමින් මිත්‍යාව වැපිරීමයි. ඊට අමතරව වෙනත් වේලාවල්වලදීත් පුද්ගලයින්ගේ සුභ වේලාව කියාදීම, ජන්ම පත්‍ර මගින් අනාගතය කීම වැනි නිෂ්පල දේ ඉදිරිපත් කරයි. මෙහි ඇති හාස්‍යජනකම කාරණය වන්නේ මේවා ඉදිරිපත් කරන සියලුම චැනල පෝදා ට සිල් සමාදන් වන අතිශය සිංහල බෞද්ධ ඒවා වීමයි. බුදුන් වහන්සේගේ බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම දේවවාදය, පුනුරුප්පත්තිය අන වින හදි හූනියම් සහ අන්ධානුකරණයට විරුද්ධ නමුත් මේ බෞද්ධයන් වැඩිපුරම ඇලී සිටින්නේ ඒ මතයි. විශේෂයෙන් ම දවසේ සුභ දිශාව, මරු සිටින දිශාව, රාහු කාලය වැනි කිසිම විද්‍යාත්මක පදනමක් නැති මතයන් ඔවුන් විසින් ඉදිරිපත් කරමින් වටිනා කාලය කා දමමින් සිටියි.
මේ සඳහා වන විද්වතුන් කාණ්ඩයක් ද ඕනෑම වේලාවක ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද දැකගත හැකිය. මොවුන් රූපවාහිනී වැඩසටහන් වලට පැමිණ ඉදිරිපත් කරන ඔවුන්ටවත් නොතේරෙන මනෝකාය, ගන්ධබ්බයින්, චිත්ත ශක්ති, වැනි දේ ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරමින් ආර්ථික බරින් මිරිකී සිටින ජනතාවට තාවකාලික වින්දනයක් ලබා දෙයි. නමුත් අවසන් ප්‍රතිඵලය හිස් බව පමණක් ම බව අතිශෝකිතියක් නොවේ. ඔවුන් මෙහිදී සිදුකරන බරපතලම වරද නම් විද්‍යුත් චුම්භක තරංග, ගුරුත්වාකර්ශනය, සාපේක්ශතාවාදය සහ ක්වන්ටම් යාන්ත්‍රනය වැනි විද්‍යාත්මක යෙදුම් සමග මනෝකාය, ගන්ධබ්බයින්, චිත්ත ශක්ති වැනි දේ විග්‍රහ කිරීමයි. ජ්‍යොතිශ්‍ය ආචාර්ය තුමා, මන්ත්‍රාචාර්ය, ආත්මවේදී වැනි නොයෙකුත් නම් වලින් තමන්වම හඳුන්වාගන්නා සමහර පුද්ගලයන් කරන එකම කාර්යය වන්නේ අහිංසක මිනිසුන් තම ශ්‍රමය යොදා උපයා ගන්නා මුදල් ඉතාමත් පහසුවෙන් කොල්ල කා ගැනීමයි.
මිනිසුන් පහසුවෙන් ම මේ වෙත ඇදී යාමට බලපාන කාරණය නම් ඔවුන්ට තමන් ගැනම විශ්වාසයක් නොමැති වීමයි. උදාහරණයක් ලෙස, මා විභාගයක් සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක දළඳා මාලිගාවට ගොස් පිහිට පතයි නම් හෝ දේවාලයකින් පිහිට අයදීනම් එහි අර්ථය තමන් උගත් සහ පාඩම් කළ දේ ගැන විශ්වාසයක් නැති කමයි. තමා කිරීමට බලාපොරොත්තු වන දේ ගැන විශ්වාසයක් ඇත්නම් නොපෙනෙන බලවේගයක පිහිට කුමටද. බුද්ධ දර්ශනයේ මුලිකම පහදාදීමක් වන්නේ මෙයයි. බුදුන් වහන්සේගේ දේශනයන්ගේ සඳහන් වන්නේ. ඕනෑ ම දෙයක් පිළිගත යුත්තේ අනුන් පැවසූ නිසාවත්, බල කිරීමක් නිසාවත්, උන්වහන්සේම දේශනා කළ නිසාවත් නොව, තමන් සිතා බලා නිගමනයකට පැමිණ තමන්ට ඒ ගැන විශ්වාසයක් ඇත්නම් පමණක් බවයි. මේ උගත් විද්වත් බෞද්ධයෝ මෙම මූලිකම දර්ශනයවත් නොදැන තර්ක කිරීම විහිලුවක් නොවේනම් කුමක්ද.
මා සියලුම වර්ගයේ ආගම් පිළිබඳ විශ්වාසයන් අතහැර බොහෝ කලකි. මාගේ පියා ට මා ඉහලින් ම ගරු කරන කරුණු වලින් එකක් වන්නේ කුඩා කල සිටම මා මේ ආගමික හා අනෙකුත් මෝඩ විශ්වාසයන්ගෙන් තොරව හැදීමට ඉඩ සැලැස්වීමයි. හොල්මන්, භූතයන් සහ අනෙකුත් නොපෙනෙන දේ කෙරෙහි මට කිසියම්ම හෝ හැගීමක් නැති අතර ඕනෑම කලුවරක දවසේ ඕනෑම කාලයක ඕනෑම තැනක ගමන් කිරීම මට කිසිදා ප්‍රශ්නයක් නොවීය. එහි මුලික අඩිතාලම දැමූ මාගේ පියානන් ට දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි.
නමුත් බුද්ධ දර්ශනය මා පිළිගන්නා බව කීමටද පසුබට නොවෙමි. මෙය බොහෝ දෙනා අදහන ජනප්‍රිය බුද්ධ ධර්මය නොවේ, බුද්ධ දර්ශනයයි. මා පිළිගන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ධර්මයක් නොව බුද්ධ දර්ශනයක් බවයි. එකල ඉන්දියාවේ සිටි සියලුම වර්ගයේ මිත්‍යාව වපුරන ආගම් කතෘවරුන් ට අභියෝගයක් වෙමින් උන්වහන්සේ ගේ දර්ශනය බැබලුනේ ඒ නිසාවෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ ශ්‍රේෂ්ඨතම චින්තකයෙකු විය. එම දර්ශනයේ කිතුණු දහමේ සහ ඉස්ලාම් දහමේ ආකාරයට කිසිම ආකාරයක ඉගැන්වීම් හෝ නියෝග ඇතුලත් නොවීය. එමෙන්ම නොපෙනෙන සර්වබලධාරී දෙවි කෙනෙකු ද නොවීය. සියලු දෙයම තීරණය කරන ලද්දේ එම දෙවියන් වහන්සේ නොව තමන් සිතා බලා ගන්නා නිවැරදි තීන්දු මතයී.
“විවිධ නම් යටතේ මානව වර්ගයා බෙදීම ආගම් වලින් කෙරෙන්නකි. මානව වර්ගයා එක් කරන එකම සාධකය මානුෂිකත්වයයි.
සංස්කෘතිය අනේක් ආකාර වේ. ජාතික, ආගමික සහ මානුෂික යනුවෙනි. මින් මානුෂික සංස්කෘතිය ඉහලින්ම සිටී. සමාජය භේද කරන දේශපාලන බෙදීම් ඊට නැත. බුද්ධ ධර්මයට අනුව සියල්ල අනිත්‍යයයි. කාලයාගේ ඉක්මීම සමග සංස්කෘතියද වෙනස් වෙයි. එසේ වෙනස් වන යම් සංස්කෘතියක් වෙනස් වී යා නොදී රැකගැනීම වුවමනාවක් නැත.
මනුෂ්‍ය ඝාතන හා ලේ වැගිරීම් මගින් ආගම පැතිරවීම පිළීනොගත් බුද්ධාගම ආසියාවේ ජාත්‍යන්තර සාධකයකි. අන් ආගම්වල නැති බෞද්ධ සංස්කෘතියේ විශේෂාංගය මෙයයි. මෛත්‍රිය පදනම් කරගත් බුදුන්ගේ ඉගැන්වීමේ මුලික අදහසද මෙයයි. එනම් සියලු භේද නොතකා මානව වර්ගයාට මෛත්‍රි කිරීමයි.
මගේ ආගම, මගේ ජාතිය, මගේ භාෂාව ගැන අද බොහෝ දෙනෙක් කතා කරති. එහෙත් බුදුන්ගේ ඉගැන්වීමට අනුව සියලු බැඳීම් වැරදිය. විශ්වසාධාරන සංස්කෘතියක ට බාධා කරන නිසා ධර්මයට බැඳීම්ද (ධම්ම තණ්හා) බුද්ධ ධර්මයෙහි බැහැර කොට තිබේ. මිනිසාගේ නිදහස් සිතීමට කිසිම බාධාවක් නොතිබිය යුතුය.
සිතා මතා අනතුරුව තම ආගම තෝරාගැනීමේ අවස්ථාව අද ලෝකයේ කිසිවෙකුට නොලැබේ. උප්පත්තියෙන්ම ආගම තීරණය වනවා මිස සිතා මතා ආගම තෝරා ගැනීමක් අද නැත. මෙබඳු සම්මත බන්ධනයන්ට බුද්ධ ධර්මයේ ඉඩක් නැත.
භාෂාවකට බැඳීම් ප්‍රගතියට බාධාවකි. ජාතිවාදයද එසේමය. බුදුන්ගේ ඉගැන්වීම සලකා බැලූ විට මානව සංස්කෘතියට ඉන් ලැබෙන තැන පෙනේ. බුද්ධ ධර්මයේ පදනම මුළු මිනිස් වර්ගයාට ම මෛත්‍රි කිරීමයි.”
- ආචාර්්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි -
- සිලොන් ඩේලි නිව්ස් -
උපුටා ගත්තේ – හේතුවාදී සංදේශය (ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවුර්)
ඉහත සදහන කෙතරම් සත්‍යයදැයි නිකමට සිතා බලන්න. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් මේ ප්‍රකාශය කිරීම තුල විශේෂ වටිනාකමක් එයට ලැබී ඇත.
මෙරට සියලුම දේ බිස්නස් එකක් හෙවත් ව්‍යාපාරයක් වී ඇති කලෙක ධර්මය පවා එයට යටවී ඇති බවට හොදම උදාහරණය පොහොය දිනවල සිදු කෙරෙන ශීල ව්‍යාපාරයි. මේවාට පැමිණෙන උදවියගෙන් කිහිප දෙනෙක් ඒවාට සම්පූර්ණයෙන්ම කැපවී සිටියත් බොහෝ දෙනෙකු ඒ සදහා සහභාගි වන්නේ ෆැෂන් එකක් ලෙසයි. ඔවුන් බොහෝ දෙනෙකුගේ අරමුණ කෙසේ හෝ අනෙකාට වඩා කලින් නිවන් යාමයි. එසේ නැතහොත් පන්සලේ ප්‍රධාන දායකයා ලෙස හෝ හොදම සිල්වත් පුද්ගලයා ලෙස කැපී පෙනීමටයි. මෙය ධර්මයට ලැදි බව නොව ධර්මයට ඇති තණ්හාවයි. ඉහත උපුටා ගැනීමෙන් ම දැක්වෙන් පරිදි මෙය බුදු දහමේ ප්‍රතික්ශේප කෙරෙන්නකි.
එලෙසම බොහෝ රූපවාහිනි නාලිකා වලින් ද සිදු කරන්නේ ධර්ම ප්‍රචාරයක් නොව තරගයකි. බොහෝ ධර්මය දෙසන ස්වාමීන් වහන්සේලා ද සිදු කරන්නේ ධර්මය ප්‍රචාරය කරමින් එයට සවන් දෙන ප්‍රද්ගලයන්ගේ සිත් නිවීමට තැත් කිරීම නොව සමාජයේ ඇති වැරදි හෝ වැරදි යයි ඔවුන් වටහා ගන්නා දේ උලුප්පා දක්වමින් ශ්‍රවනය කරන්නන්ගේ සිත් වල වෛරය ඇති කිරීමයි.
විශේෂයෙන් ම මෙරට තරුණ පරම්පරාව මේ දේශකයානන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙකුට පෙනෙන්නේම වැරදි කරන්නටම උපන් පිරිසක් ලෙසයි. අපවත් වී වදාල ගරු ගංගොඩවිල සෝම හිමිපානන් වහන්සේ වැනි තරුණයන් යහමගට ගෙන ඔවුන් යහපත් කාර්්‍යයන් ට යොදවා ගැනීමට උත්සහ කරන්නේ ඉතාම අතලොස්සක් පමණකි.
මෙය මාගේ හිතලුවක් හෝ ක්‍රෝධයෙන් කරන ගැරහීමක් ලෙස සිතන්නේ නම් ඔබ කළ යුත්තේ ඕනෑම පොහොය දිනක රූපවාහිනී නාලිකා වලින් විකාශනය වන ධර්ම දේශනයන්ට හෝ පන්සලක පැවැත්වෙන ධර්ම දේශනාවකට විවෘත මනසින් සවන් දීමයි.
බුද්ධ දර්ශනය විවෘත මනසකින් කියවා බලා නුවණින් ගෙන ක්‍රියාත්මක කරන්නේ නම් එය ඉතාමත් වටිනා ජීවන දර්ශනයක් බව ඔබට වැටහෙනු ඇත. නමුත් අද බොහෝ දෙනා කරන්නේ ජනප්‍රිය බුදු දහම සහ මෑත කාලිනව ඉන්දියාවෙන් අපට ලැබුණු දේව සංකල්ප හා විශ්වාස පටලවාගෙන බුදුන්ගේ නිර්මල දර්ශනය විකෘති කිරීමයි.
ලංකාවේ පොදු ප්‍රවාහන සේවයකින් ගමනක් යනවා කියන්නේ අපේ විදිහට කියනවා නම් කුණක්. මම හිතන්නේ බස් වල හෝ දුම්රිය වල ගමන් කරලා තියෙන කෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති.
කිලෝමීටර් 120 කියන්නේ දැන් කාලේ බොහොම සුලු දුරක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. කැනඩාවේ ඉන්න මගේ හොඳ මිත්‍රයෙක් හැම දවසකම පැයක් ගතකරලා කි.මි. 100 දුරක් යනවා තමන්ගේ වැඩකරන ස්ථානයට, ජපානයේ ඉන්න මගේ මල්ලි කාලයක් දුම්රියෙන් කි.මි. 100 වැඩි දුරක් හැමදාම ගමන් කළා වැඩ කරන තැනට, ඉතින් මේ දේවල් හිතනකොට මේක හරි සරල දෙයක්.
කි.මි. 120 කියන්නේ කොළඹ ඉඳලා මගේ උපන් ගමට තියෙන් දුර. හරියටම කිව්වොත් කොළඹ ඉඳලා මහනුවරට තියෙන දුර, එතන ඉඳලා තව කි.මි. 4ක් තියෙනවා මගේ ගෙදරට. සම්පූර්ණයෙන්ම ගත්තොත් කි.මි. 124 හෝ 125.
කියන්න පුළුවන්ද මට මේ ගමන යන්න කොච්චර වෙලාවක් ගියාද කියල. මේ කියන්නේ සෙනසුරාදා උදේ වරුවක් ගැන. හරියටම කිව්වොත් පැය 6 ට වැඩිය ගියා!
මම උදේ 10.15 (හරියටම වෙලාව මතක නැහැ, ඒත් මතක විදිහට 10.15 තමයි) තියෙන මහනුවර දුම්රියට කොළඹ කොටුවෙන් නැග්ගේ විනාඩි 20ක් කලින්. වැඩි හොඳට දෙවන පන්තියේ ටිකට් එකක් ගත්තා ටිකක් හරි අඩුවෙන් හිරවෙලා යන්න හිතාගෙන. ඒත් බලනකොට දෙවනි පන්තිය මොකක්ද, තුන්වන පන්තිය මොකක්ද කියලා හොයා ගන්න බැරි තරමට සෙනග. දෙවන පන්තියේ ගමන් කරන හැමෝම ඒ අදාල ටිකට්ම අරගෙන ඉන්න අයද කියලා මටනම් වෙලාවකට සැකයි. මොකද කවුන්ටරයෙන් කිව්වේ 2nd class ටිකට් වැඩිය ගිය නැති බවයි. ඒත් මොනව කරන්නද, යන්තම් දොර ළඟ එල්ලුනා. මම අකමැතිම සහ බයම දේ තමයි දොරේ එල්ලිලා යන එක. එක වතාවක් අසාවට ගිහිල්ලා තේරුම් ගත්තා අයෙ නම් කවදාවත් ඒ ගොන් වැඩේ කරන්නේ නැහැ කියලා. ඒත් එදා නම් කරන්න දෙයක් තිබුනෙම නැහැ. කොහොම හරි ඒක හරි කියමුකෝ, දැන් වෙලාව 10.20, තවම කෝච්චිය තිබුණු තැනමයි. මම හිතුවා විනාඩි පහ කියන්නේ එච්චර දෙයක් නොවෙයිනේ, දැන් යන්න පටන් ගනී කියලා. කිසිම දැනුම්දීමකුත් නැහැ වෙලාව 10.30. මම වටපිට බැලුවා වැරදි කෝච්චියටද නැගලා තියෙන්නේ කියලා දැනගන්න. ඒත් නැහැ. ඔන්න ඒ වෙලාවේ ස්ටේෂන් එකේ යකඩ කට කෑගහන්න පටන් ගත්තා. “පෙරවරු 10.15 මහනුවර සහ මාතලේ බලා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින විනාඩි 30 පමණ ප්‍රමාදවී ධාවනය වේ” කියලා. මම කල්පනා කළේ 10.15 යන්න තියෙන් කෝච්චිය පරක්කු වෙනවා කියල කියන්නෙත් 10.30 ට නම් මොනවා කරන්නද කියලයි. යන්තම් 10.45 කිව්වා දැන් කෝච්චිය පිටත් වෙනවා කියල. ඒත් 10.50 වෙලත් කිසිම වෙනසක් නැහැ. යන්තම් එකොළහට විනාඩි පහක් තියෙද්දි කෝච්චිය යන්න පිටත් වුනා. මේක සීග්‍රගාමී දුම්රියක් නිසා ටිකක් ඉක්මනට යන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒත් සංඥා (signal) නොලැබීම නිසා කීප තැනක නවත්තමින් යන්තම් 1.30 ට කෝච්චිය පොල්ගහවෙලට ආවා. මෙතන ඉඳලා තව පැය එකහමාරක්වත් යනවා නුවරට යන්න. පොල්ගහවෙලින් සෑහෙන පිරිසක් බැහැල ගිය නිසා යන්තම් ඉඩ ටිකක් ලැබුණා. මමත් බැහැලා කැන්ටිමට ගිහිල්ලා වතුර බෝතලයක් එහෙම අරගෙන පොඩි බිස්කට් එකකුත් බඩට දාගත්තා. අම්මට දවල් කෑමට එනවා කියලා තිබුණ නිසා මම වෙන දෙයක් කෑවෙත් නැහැ.
ඉතින් මෙතන කෝච්චිය විනාඩි දහයක් විතර තිබුණා. බලනකොට බඩු වගයක් පටවනවා. වැඩේ ඉවර වෙන්න තව විනාඩි පහක් ගියා. ඒත් තවමත් ගමන පටන් ගත්තේ නැහැ. තවත් විනාඩි 15 කට විතර පස්සේ දැනුම්දීමක් කළා කෝච්චිය පැය බාගයක් විතර පරක්කු වෙන බව කියලා.
දැන් වෙලාව 2.00. බලනකොට එන්ජින් එක පෙට්ටි වලින් වෙන්කරලා අහකට ගත්තා. තවත් විනාඩි 20 ක ට විතර පස්සේ තව එන්ජින් එකක් ගෙනල්ලා සවි කළා. අන්තිමට 2.25 ට කෝච්චිය ආයෙත් ගමන පටන් ගත්තා. දැන්නම් ඉතින් එක දිගට යන්න පුළුවන්, මම හිතුවා. ඇත්තටම ගමනත් හොඳට කෙරුනා. පැයකට විතර පස්සේ කෝච්චිය ඉහල කෝට්ටේ නැවතුම් පොළට ආවා. වෙලාව 3.25. මගින් කීප දෙනෙක් බැස්සා, දැක්ක විදිහට නම් කිසිම කෙනෙක් ඇතුල් වුනේ නැහැ. මේ විදිහට මෙතනත් අපි විනාඩි 25 විතර ඉන්නකොට නුවර ඉඳලා එන කෝච්චියක් ආවා. ඊට පස්සේ තමයි මම හිටපු දුම්රිය ගමන පටන් ගත්තේ. වෙලාව 3.55. තව විනාඩි 45 වත් යනවා නුවරට යන්න. අන්තිමට මම අම්ම හදල තිබුණ දවල් කෑම එක කනකොට වෙලාව 4.55.
ගමනට ගතවුන සම්පූර්ණ කාලය පැය 6 විනාඩි 40!
කොහොමද ලංකාවෙ පොදු ගමනාගමනය!
Copyright@සාමාන්‍යයෙන් ඕනෑම දෙයක්