නක්ෂත්‍රය ලෙසද ජ්‍යොතිෂ ශාස්ත්‍රය (Astrology) හදුන්වනු ලැබේ. ග්‍රහවස්තූන් සහ තාරකා නීරීක්ෂණය කිරීමෙන් පසු ඒවායේ ගමන් මාර්ගය සහ හැසිරීම්වල ඇතිවන වෙනස ඒ ඒ මනුෂ්‍යයා කෙරෙහි බලපාන්නේ කෙසේද, කුමන ආකාරයකටද, කොපමණ ප්‍රමාණයකටද, යන්න ගණිතමය ලෙස ගණනය කිරීමත් එකී නිරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස අනාවැකි ඉදිරිපත් කිරීමත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ස්වභාවය වෙයි.
ජ්‍යොතිෂය විෂයක් ලෙස බිහිවූයේ අවුරුදු දහස් ගණනකට පෙරය. පෘථිවිය පැතලියයිද දෙවියන් වසන ආකාශ ගෝලය ඊට ඉහලින් ඇතැයිද එකළ විශ්වාස කරන ලදී. ග්‍රහ වස්තූන් ගමන්ගන්නේ දෙවියන්ගේ කැමැත්ත මතයැයි පිළිගනු ලැබීය. මිනිසාගේ ඉරණම දෙවි දේවතාවුන් සහ ග්‍රහ වස්තු මගින් පාලනය වෙතැයි කල්පනා කිරීමේ හේතුවෙන් බිහිවූ මිත්‍යා විශ්වාසයක් ලෙස ජ්‍යොතිෂය හැදින්විය හැකිබව ඇල්ෆන් තරංගය සොයාගත් ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය හෑන්ස් ඇල්ෆන් පෙන්වා දී ඇත.
ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක නිරීක්ෂන සහ ගණිතමය ගණනය කිරීම් මත පදනම් වූ අඩක් ආනුභවික අඩක් මිත්‍යා විශයක් යයි පිළිගැනීමක් ඇත.
ග්‍රහවස්තූන් මනුෂ්‍යයා කෙරෙහි පමණක් නොව ඕනෑම ශාකයක් හෝ සත්ත්වයෙකු කෙරෙහි යම් බලපෑමක් කරන බව සත්‍යයකි. නූතන ක්වොන්ටම් විද්‍යාවට අනුව මෙය තරමක් පැහැදිලි කළ හැකියි.
ජලය නොමැති විට ශාක වියලී යයි, සූර්්‍යාලෝකය නොමැතිව දීර්ඝ කලක් කිසිවෙකුටත් පැවතිය නොහැක, එසේම සූර්්‍යතාපය අධික දිනවල මිනිස් සිරුරට පීඩා ගෙන දෙයි, එහෙත් යම් තෝරාගත් ජීවියෙකුට ග්‍රහ වස්තූන් නිශ්චිතවම කෙසේ බලපාන්නේදැයි ගණනය කළ නොහැකිය. ජීවියා උපත ලැබූ අවස්ථාවේ ග්‍රහවස්තූන් පිහිටි ආකාරය මත ජීවියාගේ අනාගත ජීවිතය ගැන නියත අනාවැකි කීම නොකළ හැක්කකි. එහෙයින් ජ්‍යොතිෂ්‍ය සත්‍යවූ දත්ත මත ගොඩනැගී ඇති මිත්‍යා විද්‍යාවක් ලෙස හදුන්වා දිය හැකිය. එය අනුභවික ලක්ෂණ මෙන්ම රූපික ලක්ෂණ ද සහිත විද්‍යාවකි.
"මෙය තනිකරම සූදුවකි. පලපුරුද්ද ඇත්තෝ අනාවැකි කීමෙන් ජයගනිති."
ජ්‍යෝතිෂය යනු බොරුවක්නෝවේ යන්න වෙනුවෙන් මං පෙනීනොසිටිමි. නමුත් ජ්‍යොතිෂ්‍ය ගැන ඔබගේ හැඳින්වීම වැරදිය. පෘථිවිය පැතලි බව සිතුවේ බටහිර මොඩයන් මිස පෙරදිග අපේ මුතුන් මිත්තටන් නොවෙයි. ඔවුන්ට ඊට වඩා ප්‍රශ්න තිබුනා , ඉන් එහා ගිය දැනුමක් තිබුනා. විචාර/විවරණයකට යාමට පෙර ඒ අංශ්‍ය ගැන යම් හැදෑරීමක් සිදු කරන්නේ නම් මැනවි.
ReplyDelete