Main image

11/17/2010

ඉන්දියානු සකිවිති ලා

සක්විති රණසිංහ, ලලිත් කොතලාවල සහ තවත් බොහෝ තැන්වල මුදල් ආයෝජනය කර අනාථ වූ ශ්‍රී ලාංකියන් තවමත් පාඩම් ඉගෙන ගෙන නොමැති බව දැන් පැහැදිලිය.

කිසිම වැඩක් නොකර සිටිමින් පහසුවෙන් මුදල් උපයා ගැනීමට ඇති කම්මැලි අවශ්‍යතාව නිසා තවත් ශ්‍රී ලාංකිකයන් 4000 ක ට පමණ තම මුදල් අහිමි වී ඇත.

මෙරට තුල වංචනික ලෙස මුදල් ජාවාරම් පවත්වා ගෙන ගිය ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු මෙරට පුද්ගලයන් 4000 කගේ පමණ මිලියන 80 ක මුදලක් සමග අතුරුදහන් වී ඇත.

මහනුවර ප්‍රදේශය බාර පොලිස් ස්ථානයේ හැදින්වීම පරිදි මේ පුද්ගලයන් මෙරට රැඳී සිට ඇත්තේද සංචාරක වීසා මගිනි.

මේ කිසිවක් සොයා නොබලා මේ ජාවාරමට සම්භන්ධ වූ මෙරට පුද්ගලයන්ට මේ අලාභය සිදුවී ඇත.

අපි කවදාද ඉගෙන ගන්නේ.......?

වැඩි විස්තර සඳහා....

http://www.dailymirror.lk/index.php/news/7817-indians-involved-in-fraud-flee.html#comments




11/09/2010

ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කතාව - හැදින්වීම


ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කතාව නමින් රංජිත් ගුණරත්න විසින් පරිවර්ථනය කරන ලද පොත සඳහා ලී ක්වාන් යූ විසින්ම ලියූ හැඳින්වීම
අප රටේ අවස්ථාවාදී හා ජාතිවාදී දේශපාලන චරිත වලටත් ඔවුන්ට ඡන්දය දී පත් කරන අන්ධ භක්තික ජනතාවටත් කෙතරම් වැදගත් වූ පනිවුඩයක් මෙහි අන්තර්ගතදැයි බලන්න..............
           

මගේ ස්වයං චරිතාපදානය වූ “සිංගප්පූරු කථාව තුළින් වඩාත් සැපවත්    පරිසරයක හැදී වැඩුණු තරුණ සිංගප්පූරු ජාතිකයන් හට මතක් කර     දෙන්නේ පැරණි පුරුදු වෙනස් කර ගැනීමට සහ අප දැනුවත් කර ගැනීමට        දැඩි පරිශ්‍රමයක් සහ කැපවීමක් අවශ්‍ය බව යි. සිංගප්පූරුව සාර්ථකත්වයේ           මාවතට අවතීර්ණ වන්නට මත්තෙන් විවිධ ජාති. ආගම් සහ භාෂාවලට අයත්       අපේ ජනතාව බෙදා වෙන් කරන ප්‍රතිවිරෝධී ආකල්ප වෙනස් කළ යුතු වූවා         මෙන් ම වෘත්තිය සමිති සහ හාම්පුතුන් අතර වූ තරඟය ද අවම කළ යුතු විය.

          ශ්‍රී ලාංකිකයන් හට මෙම සිංහල පරිවර්ථනය පැහැදිළි කර දෙන කාරණයක්        වන්නේ, විශේෂයෙන් ම, දේශපාලන නායකයින් ඡන්ද දිනා ගැනීමේ අරමුණින් ජාති, භාෂා, සංස්කෘතික සහ ආගමික බලවේගයන් නොඇමතීම        හේතු කරගෙන අප යටපත් කර ගැනීමට පාදක විය හැකිව තිබූ බොහෝ       අනවශ්‍ය වේදනාත්මක අත්දැකීම්වලින් බැහැර වීමට සිංගප්පූරුවට හැකි වූ          ආකාරය යි. යම් අවස්ථාවක උද්වේගකාරී හැඟීම් ඉස්මතු වූයේ නම් තර්ක     ඥානය සහ පොදු හැඟීම් කවුළුවෙන් පිටතට ඇදී යනු නියතයි. මගේ    පරම්පරාවේ සිංගප්පූරු ජනතාව වටහා ගත්තේ මෙම සත්‍යතාවයි.




11/03/2010

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට තිබූ ලොකුම අඩුව පිරවෙන ලකුණු

බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තිබූ අඩුවක් වූයේ මැද පෙළ සඳහා වේගවත් ව ලකුණු රැස්කිරීමට හැකි පිතිකරුවෙකු නොමැති වීමයි. පන්දුවාර 50 තරගයකදී බොහෝ විට අවසාන පන්දු වාර කිහිපය තුළ වේගවත්ය ලකුනු රැස්කීරීමේ අඩුවක් තිබු නිසා, අපේ කන්ඩායම බොහෝ වි‍ට ලබාගත හැකිව තිබු ලකුණු සංඛ්‍යාවට  වඩා අඩු ලකුනු ලබා ගත්තා.

නමුත් තිසර පෙරේරා ගේ පැමිණිමත් සමග ඒ අඩුව පිරවෙන ලකුණු පහල වී තිබෙනවා. ඔහු පලමුවෙන්ම තරගයක් ක්‍රීඩා කළ අවස්ථාවේදීම මේ බව පැහැදිලිව පෙන්නුම් කළා. නමුත් ප්‍රශ්නය වී තිබුණේ ඔහු ක්‍රීඩා කළ තරග වලින් 95%ක් ම ඉන්දියාවට එරෙහිව වූ ඒවා නිසා ඔහුගේ නියම දක්ෂතාවය මැන ගැනීමට නම් වෙනත් කණ්ඩායම් සමගද ක්‍රීඩා කළ යුතු වීමයි.

පසුගිය දා ඕස්ට්‍රේලියාව සමග තරගයේදී තිසර මේ බව නැවතත් ඔප්පු කළ බව මගේ හැගීමයි.

අප ඔහු ගැන දැන්මම විශාල බලාපොරොත්තු තබා නොගත යුතු අතර තව තවත් තරග ඔහුට ලබා දීමත් ඒ ඒ තරග වලදී නියම අවස්ථාවලදී ඔහුව පිතිකරණයට යෙදවීමත් මගින් නියම ප්‍රයෝජන ගත යුතුය.

මේ දීප්තිමත් ක්‍රීඩකයාගේ අනාගතය ද දීප්තිමත් වීමට එය උදව් වනු ඇත.

------------------------------------------