Main image

4/01/2010

හෙල උරුමයේ ශාපය

මම මේ දැන් ඩේලි මිරර් ඔන්ලයින් නිව්ස් එකක මෙන්න මේක දැක්කා.

Moves are afoot to limit the use of alcohol in the country. JHU MP Ven. Attureliye Rathana Thera said that they would bring a proposal to limit the alcohol content in drinks to 20 percent and later gradually reduce it to 15 percent.

කොපි කරලම දැම්මේ, පස්සේ මේ ලින්ක් එක නැතුව ගියොත් කියලා හිතලයි.

මේ තියෙන්නේ ලින්ක් එක

http://www.dailymirror.lk/index.php/news/2782-moves-to-limit-alcohol.html#comments

මට හිතෙන්නේ මේ කරන්න යන් වැඩේ තනිකරම අර මොනව හරි කරන්න ඕනවට කරන දෙයක් විදිහටයි. අරක්කු නවත්තන්න ඕනෙ නම් තහනම් කරන්න, නැතුව සල්ලිත් වියදම් කරගෙන මේ වගේ තේරුමක් නැති වැඩ කරන්නේ ඇයි.

අරක්කු බෝතලයක තියෙන alcohol ප්‍රතිශතය අඩු කරල කොහොමද අරක්කු පාවිච්චිය අඩු කරන්නේ. වැඩිය වෙරි වෙන්න ඕන මිනිහා බෝතල් 2 ක් අරගෙන බොයි.

මේක අනිත් අතින් අරක්කු මුදලාලිලාගේ බිස්නස් වැඩි කරන්න ගත්ත හොද පියවරක්. මොකද අඩුවෙන් වෙරි වෙනකොට වැඩියෙන් සල්ලි දීල අරගනී. මොකද මම දන්න විදිහට අපේ ගොඩක් අය බොන්නේ වෙරි වෙන්න.

පාසල් ලමුන් අතර වගේ අඩු වයස් කාන්ඩ වල ළමයි අතර අරක්කු ජනප්‍රිය කරවන්නත් මේක හොද යොජනාවක්, මොකද ගොඩක් පොඩි උන්ට අරක්කු බොන්න තියෙන එක බයක් තමයි සැර වැඩිකම. මේ වැඩෙන් ඒ අයටත් බය නැතුව බෝතලයක් අරගෙන වැඩිය වෙරි වෙන්නේත් වැතුව බොන්න පුලුවන්.

ජාතික හෙල උරුමය කියන පක්ෂය මමනම් දකින්නේ ශ්‍රී ලංකාවට ශාපයක් විදිහට.

මම ජනාධිපතිතුමාගේ ගොඩක් ප්‍රතිපත්ති ගැන කැමැත්තෙන් ඉන්න කෙනෙක්, ඒත් මේ වගේ මෝඩ සහ කාලය කා දමන වැඩ කරන පක්ෂ සහ පුදුගලයන් එක්ක එතුමා කරන ගනුදෙනු නම් මම කොහොමටවත් අනුමත කරන්නේ නැහැ.

Akon ගේ තහනමත් මේ වගේම දෙයක්. Akon ගේ පැමිණිම නිසා තායිලන්තය, මාලේසියාව, බංගලාදේශය වගේ රටවල් වලින් 6000 විතර දෙනා ලංකාවට එන්න හිටියා. මේක මම නෙවෙයි කියන්නේ සංචාරක අමාත්‍යාංශයම තමා. අචල ජාගොඩ මන්ත්‍රිතුමා මේ ගැන බොහොම පැහැදිලිව ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශයක් කරල තිබුනා මම කියෙව්වා‍.

දැන් වෙන්නේ මේ කිසිම සංචාරකයෙක් මේ රටට එන්නේ නැහැ. ඍජුවම මේකෙන් ලක්ෂ ගාණක පාඩුවක් වෙනවා. හෝටල් වල වෙන්කිරීම් අවලංගු වීම මගින්. ඒ වගේම තමයි ඔවුන් අවනම් වක්‍රව ඒ මගින් අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න ලැබෙන ප්‍රචාරය, ඒකත් නැති වෙනවා.

හෙල උරුමයෙ ඉන්න සමහරු බයයි, මේ රට දියුණු වෙලා මිනිසුන්ගේ ආර්ථිකය සහ මනස දියුණු වෙලා, අන්තිමට ඒ අය කියන මේ වැදි බන අහල චන්දෙ දෙන ප්‍රමාණය අඩුවෙයි කියල. ඒ නිසා ඔවුන් හදන්නේ මේ රට ආපහු කොහොම හරි එක්දාස් නවසිය ගණන් වලට අරගෙන යන්න.

ඉතින් මේක හෙල උරුමයේ ශාපය නොවෙයිද?

2 comments:

  1. අපිට ඉස්සෙල්ලා මතට තිත තිබ්බේ ඇමරිකාව. ඇල්කොහොල් තනිකරම තහනම් කරා. එකෙන් උනේ ඇල්කොහොල් වෙලදාම් කරණ අපරාද කල්ලි හැදුන එක විතරයී. කරගත්තු මෝඩ වැඩේ තේරුනහම, උන්දෙලා වැඩේ අත ඇරලා දැම්මා.

    ReplyDelete
  2. මටත් ඔය ගැන කලකිරිලා ඉන්නෙ. ජනාදිපති තුමා ගැන තිබුන හොඳ මුහුනත ගොඩක් දුරට ඔය හෙල උරුමය කියන පක්ෂය නිසා නැතුව ගියා. එදා සෝම හාමුදුරුවන්නව ඉස්සරහට දාගෙන ශාරුක් භාන්ට බෝම්බ ගැහුවා. ඒ මෝඩ තකතීරු වැඩේම දෙගටම කරගෙන යනවා. වැඩේ වෙලා තියෙන්නෙ පක්ෂය සංවිදානය වෙලා තියෙන්නෙ හාමුදුරුවරුන්ගෙන් නිසා සාමාන්‍ය මිනිහට කටක්වත් අරින්න බෑ. එහෙම හිසියම් දෙයක් කියපු ගමන්ම ඌ දේශ ද්‍රෝහියෙක් වෙනවා. කමක්නෑ. AKON ගේ කොන්සට් එකෙන් මාලදිවයින තුල දැන් පවත්වන්න යනවා. ඒ රට හරි ඒකෙන් කීයක් හරි හොයා ගන්නෙ නැතැයි. අනිත් එක අරක්කු වල ඇල්කොහොල් අඩුකරන කේස් එකෙනුත් මොදලාලි මත්තුරු කීයක් හරි හොයාගන්නෙ නැතැයි. කොහොමද මපේ කට්ටියගෙ ටිකිරි මොලේ !

    ReplyDelete