Main image

4/07/2010

ලංකාවේ අනාගතය කොයිබටද? - 01












ශ්‍රී ලංකාව මේ දශකය ආරම්භ කරන්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක සිටයි.

අවුරුදු තිහකටත් වැඩි කාලයක් පැවති, රට අගාධයෙන් අගාධයට තල්ලු කළ යුද්ධයේ අවසානය එම සන්ධිස්ථානයයි. මෙරට වැටී සිටින මේ ආර්ථික හා සමාජීය අගාධයෙන් ගොඩ ඒමට අපට ඇති අතිශය ස්වර්ණමය සහ තීරණාත්මක අවස්ථාව මෙය බව මගේ හැගීමයි.

නමුත් අපගේ ජනතාවගේ සිතුම් පැතුම් සහ විශේෂයෙන් ම රට පාලනය කරන දේශපාලඥයින්ගේ සිතුම් පැතුම් වෙනස් නොකර මේ අවස්ථාව යථාර්තයක් කර ගැනීම සිහිනයක්ම පමණකි.

අපි සෑම අවස්ථාවකම රට සංවර්ධනය නොවීමේ වගකීම දේශපාලඥයන්ට පවරා, ඔවුන්ට බැන වැදී අත පිස දා ගන්නා ජාතියක්. නිකමට හෝ සිතා බැලුවාද ඔවුන් පත්වන්නේ ඔබගේම ඡන්දයෙන් බව. වැඩ නොකරන, තම ආත්මාර්ථය සදහා පමනක් වෙහෙසෙන මේ දේශපාලකයින් මේ තැන්වලට යවන්නේ ද ඔබමයි. එසේ නම් වැඩිම වගකීම ඇත්තේ ඔබ අතේ නොවේද?

ඔවුන් කියන කතා ඔබ පාට කන්නාඩි වලින් නොව සිහි බුද්ධියෙන් දැක්කාද, සිතා බැලුවාද? එසේ වුවා නම් මෙරට මේ වන විටත් මීට වඩා දියුණු රටක්.

දේශපාලනය අනිවාර්්‍යයෙන්ම ප්‍රතිපත්තිමය විය යුතුයි. යම් දේශපාලනඥයෙකුට ස්ථිර නොනැමෙන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඔවුන් මැතිවරණයක් අභියසදී ජනාතාවට පැවසිය යුත්තේ ගැලරියේ හුරේ දමන කතා නොව තම ප්‍රතිපත්තින් සහ එමගින් ඔවුන් රට සංවර්ධනය හෝ සුභ සිද්ධිය සදහා කරන ආයෝජනයන් ආදියයි.

පහුගිය දිනවල රූපවාහිනි නාලිකා වල සංවාද දෙස බලන්න, ප්‍රතිපත්තිමය කරුණු ගැන කතා කළ ප්‍රතිශතය සියයට 1 ටත් අඩු බව වැටහේවි. ඔවුන් කරන්නේ එක් අපේක්ෂකයෙක් රුස්වීමකදී කියූ ගැලරියේ කතාවක් අල්ලාගෙන එයට පහර දීමයි, ඊළග දවසේ තවත් අයෙක් එයට පිළිතුරු දෙයි, මේවා කිසිවක් සැබෑ ප්‍රශ්න නොව නිකම්ම වැදගැම්මකට නැති කතා බව හොදින් බැලුවොත් ඔබට තේරේවි.

උදාහරණ බලන්න, අපේ එක අපේක්ෂකයෙක් වේදිකාවේ ප්‍රකාශ කරනවා මේ මැතිවරණයෙන් එක් පක්ෂයකට ආසන ලැබුනොත් තමා දේශපාලනයෙන් ඉවත් වන බව, තවත් අයෙක් ප්‍රකාශ කරනවා දුම්රියට බෙල්ල තියන බව, (ඔහු දන්නේ නැහැ ඔහු විසින්ම නීතිය උල්ලංඝනය කරන බව: ලංකාවේ නීතිය අනුව මොනම කරුණකට හෝ සියදිවි හානිකරගැනීමට උත්සහ ගැනීම නීතියෙන් තහනම්). මේවා දේශපාලනික වශයෙන් කොතරම් වැදගත්දැයි ඔබම සිතා බලන්න. ඉතින් මෙවැනි පුද්ගලයින් පාර්ලිමේන්තු යවා, බුද්ධිමත් සංවාද ඇතිකර රට සංවර්ධනයට ඔවුගේ ප්‍රබල දායකත්වය ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද?

ඇමරිකා‍වේ ජනාධිපතිවරනය දෙස බලන්න, ඔවුන් තම ප්‍රතිපත්ති හෝ අදහස් ජනතාවට ප්‍රකාශ කිරීමට එකිනෙකාට මඩ ගසා ගැනීම අවමයි, විශේෂයෙන්ම රූපවාහිනී හෝ සජීවී ජන හමු වලදී කතා තරන්නේ ඉතා බුද්ධිමත් කරුනු වන අතර ජනතාවද සුවිශේෂි වු ආකාරයට බුද්ධිමත් ව ප්‍රශ්න අසා ඔවුන්ගේ ගැටලු නිරාකරනය කර ගනිමින් තමන් ඡන්දය පාවිච්චි කළ යුත්තේ කා සදහාදැයි තෝරා ගනී. අතිවිශාල වේදිකා තනමින්, තම පාක්ෂිකයන්ගේන් බස් රථ පුරවා සෙනග අද්දවමින්, අපේ රැලියට මෙච්චරක් ආවා ආදී ලෙස උදම් අනමින්, බිත්ති වැසෙන සේ ටොන් ගනන් පෝස්ටර් අලවමින් ක්‍රියා කළ අපේක්ෂකයින් එරට සිටියානම් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පළමුව ඔවුන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කිරීම අනිවාර්්‍යයයි.

මේ සියලු දේ සදහා වගකීම ඔබේ අතේ බව මතක තබා ගන්න. ඔබ ඔවුන් පත්කර යැවීමෙන් අනතුරුව ඔවුන් කිසිම බයක් සැකක් නැතිව වැරදි කරන්නේ හෝ මහජන මුදල් නාස්ති කරන්නේ ඇයි? නිකමට හෝ සිතා බැලුවාද? ඔවුන් කුමක් කළත් මීළග වතාවේත් ඔබ විසින්ම ඔවුන්ව නැවතත් පත්කරන බව ඔවුන් දන්නා නිසයි.

එසේ නොවී, ඔබ අවංකව සිතා බලා සැලසුම් සහගත දැක්මක් සහිත පුද්ගලයින් පමණක් පාර්මේන්තුවට යැවුවා නම් අද සිටින බොහෝ දේශපාලඥයින් විශ්‍රාම ගොස් බොහෝ කල් නොවේද?

දේශපාලඥයින්ව අවංක කීරීමේ උත්සහයන් ගන්නවාට වඩ ප්‍රථමයෙන්ම කළ යුත්තේ ජනතාව බුද්ධිමත් කිරීමයි. බුද්ධිමත් ජනතාවක් සිටින රටක කිසිම අවස්ථාවක වංක හෝ වගකීම් පැහැර හරින දේශපාලඥයෙකුට ඉඩක් නැහැ. මේ දේශපාලකයින් ම තමන්ගේ වේදිකාවල මේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත් යයි කියමින් ඔවුනව අන්දවා ඡන්ද වැඩිකරගන්නා‍ බව ඔබට දැනුනාද?

මා පිළිගන්නා ආකරයට ශ්‍රී ලාංකික ජනතාව දේශපාලනික බුද්ධිමත් භාවය අතින් තවමත් සිටින්නේ ඉතාම ප්‍රාථමික අවධියකයි.

ජනාතාව බුද්ධිමත් වීමෙන් තොරව මෙරට සංවර්ධනය කරා ගෙනයාමත්, ගම් කිහිපයක් පාරවල් කොන්ක්‍රීට් දමා, තැනින් තැනින් සැලසුමකින් තොරව ගුවන් පාලම් සාදා හෝ ප්‍රදේශ කිහිපයක ධිවරයින්ට දැල් ආම්පන්න දීමෙන් හෝ ගොවීන්ට ඉවක් බවක් නැතිව පාවිච්චි කිරීමට අසීමාන්තිකව පොහොර සහනාධාරය දීමෙන් හෝ අසීමාන්තික සුභසාධන ක්‍රියාත්මක කර ජනතාව කම්මැලි කර, නිකම් කන ජාතියක් බවට පත්කිරීමෙන් හෝ මෙරට ආසියාවේ අශ්චර්්‍යය කළ නොහැකි බව වේදිකා දෙදෙරවීමට කතා පවත්වන දේශපාලනඥයිනුත්, විශේෂයෙන්ම ඔවුන්ට ඡන්දය දෙන ජනතාවත් දැනගත යුතුයි!

3 comments:

  1. උඩින්ම තියෙන්නේ නුගේගොඩ මංසන්ධිය අප්‍රේල් 09 වැනිදට

    ReplyDelete
  2. ඔබේ විකල්පය???
    සැලසුමකින් තොර ගුවන් පාලම් ඉදිකිරීම - මොන පාලමක්වත් ඉදි නොකිරීම

    ඇහැක් විදිහට 2500ක් දෙනවා කීම - කොහොම හරි 10000ක් දෙනවා කීම

    කන්න ණය ගන්නේ නෑ, සංවර්ධනයට ණය ගන්නවා කීම - අපිට නම් යාලු රටවල් තියෙනවා. ඒ‍වා ලෝකේ ලොකුම ඒවා. අපිට ඕන තරම් නිකම් වුණත් දෙනවා

    කන්න සල්ලි ණයට ගන්නේ නෑ කීවම - රස්සා නැති සේරොටම 2000 ගාණේ දෙනවා කීම

    ෂෝක් නේ....

    පඬිතුමා මේ රටේ පුරවැසියෙක් නෙවෙයි මම හිතන්නේ.

    මේ රටේ දේශපාලකයනු‍යි ඡන්දෙ දෙන අයයි දෙගොල්ලටම උපදෙස් දෙන්න තරම් සුදුසු ඒ දෙකොටසටම අයිති නැති, රටේ පුරවැසියෝ බුද්ධිමත් භාවය අතින් ප්‍රාථමික මට්ටමක ඉන්නවයි කියන්නේ අඟහරු ලෝකෙන් බැහැපු ඔබතුමා ‍වගේ රාජකීය බුද්ධිමතෙක් ම තමයි.

    ReplyDelete
  3. @ Thejan

    මම කියපු එක ප්‍රධාන දෙයක් ඔබ නිවැරදිව වටහාගෙන නොමැතිවීම ගැන කනගාටුයි.

    - මම මුලින්ම කිව්වා පාට කන්නාඩි වලින් මේ ප්‍රශ්ණේ දිහා බලන්න එපා කියලා.
    - අනිත් එක මම කිව්වෙ නැහැ ලංකාවේ මිනිස්සු බුද්ධිමත් කම අතින් ප්‍රාථමිකයි කියල. මම කිව්වේ අපි දේශපාලනික බුද්ධිමත් භාවය අතින් දුර්වලයි කියල.

    නැත්නම් දුමින්ද සිල්වා, රන්ජන් රාමනායක, රෝසි සේනානායක, මර්වින් සිල්වා, නිමල් සිරිපාල, අතුරලියේ රතන ස්වාමීන් ‍වහන්ගේ, පාඨලී චම්පික වගේ තවත් අය දේශපාලනයේ වැජබෙයිද.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කෙලින් වැඩ කරන පුද්ගලයෙක් වුනත් මේ වගේ අතරමං වෙන්නේ ඇයි?

    අනිත් දේවල් ගැන මම මේ විදිහේ reply එකකින් නැතුව තවත් ලිපියකින් පැහැදිලි කරන්නම්.

    ReplyDelete