Main image

6/12/2012

විශ්වය සහ මිනිසා


මනුෂ්‍යයා යනු විශ්වයේ පවතින අතිශය දුර්ලභ ජීවියෙක් බව කිව හැකිය. මේ පෘතුවිය මතුපිට ජීවින්ගෙන් ද මනුෂ්‍යයා අතිශයින් සුවිශේෂිත වෙයි. මෙයට ප්‍රධාන හේතුව අපගේ අති විශාල ධාරිතාවයකින් යුතු මොලයයි. ඊට අමතරව අත් ඇවිදීමෙන් නිදහස් වීමත් සමග වෙනත් වැඩ කිරීමට ඇති හැකියාව දියුණු වීම නිසා ඒ හා සමගාමීව මොලය දියුණු වීම සිදුවී ඇත. මේ නිසා අනෙකුත් ජීවීන්ට නොලැබී ඇති අතිවිශේෂ හැකියාවක් වන කතා කිරීමේ හැකියාව අප හට ලැබී ඇත. චිම්පන්සින් වැනි ප්‍රයිමේටාවන් කිහිප දෙනෙකුටම මිනිසාගේ තරමටම දියුණු වූ ස්වර ග්‍රන්ථි පිහිටා තිබුනද ඔවුනට කතා කිරීමේ හැකියාව ලැබී නැත්තේ හෝ ලැබී ඇත්නම් අපට සංසන්දනාත්මකව නොසැලකිය හැකි වන්නේ ඔවුන්ගේ මොලය දියුණු වී නැති නිසාය. පරිණාමය සිදුවීමේදී අනෙකුත් ජීවීන්ට සාපේක්ෂව මිනිසාගේ පරිණාමය අතිශය වේගයෙන් සිදුවී ඇත. මේ හේතුව නිසා අපගේ සියලුම ක්‍රියාවන් වල දියුණුවක් ඇති වී ඇත.


මේ සියලු කරුණු සලකා බැලුව ද අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ මිනිසා යනු ස්වභාවධර්මයේ නිපැයුමක් බවත්, සියලු ජීවීන්ට පොදු සාධක මිනිසාටද පොදු බවයි. ජීවියෙකුගේ ප්‍රධාන කාර්යයභාරය වනුයේ ජීවය පවත්වා ගැනීම සහ ප්‍රජනනයයි. ශිෂ්ඨාචාරයේ කඩතුරාවෙන් වැසී තිබුණද මිනිසාගේ ද ප්‍රධානම කාර්යය වන්නේ ඉහත කී කරුණුයි.


නමුත් බුද්ධිය මෙහෙයවා කටයුතු කළ හැකි නිසා අන් සියලුම ජීවීන්ට වඩා ඉහළ තත්ත්වයක් අපට ලැබී ඇත. මේ නිසා ඉහත කී ප්‍රධාන කරුණු වලට අමතරව බොහෝ ක්‍රියාවන් මගින් ජීවන තත්ත්වය උසස් කර ගැනීමට අපට හැති වී ඇත.


මොළය දියුණූ වීමත්, බුද්ධිය පරිණාමය වීමත් සමඟ මිනිසුන් අතර ඇති සියලු උස් මිටි කම් දුරලා, ජාති ආගම් හෝ කුළ වශයෙන් බෙදීම අවම කළ යුතු වුවත් ඒ සියලු දේ උග්‍ර වී ඇති බව දකින්නේ කණගාටුවෙනි!

6/11/2012

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හෙවත් බිස්නස් සහ පාරිභෝගියා අතර ඇති සම්භන්ධතාවය ඉතාමත් ප්‍රාතමික මට්ටමක ඇත. විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල් දෙස බැලූ විට මෙම වෙනස හොඳින්ම පෙනී යනවා
මෙරට පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් හෝ ආයතන දෙස බලන්නේ අතිශයින්ම සැක මුසු අයුරින්. හැකි සෑම අවස්ථාවකම තමන්ව නැති කිරීමට පැමිණි අයෙක් දෙස බලන ආකාරයටයි. ව්‍යාපාරිකයන් ද මේ ආකාරයටම පාරිභෝගිකයන් දෙස බලයි. ඹවුන් සලකන්නේ පාරිභෝගියා යනු ඔවුන්ගේ අනුකම්පාව යදින්නෙක් බවයි. ඕනෑනම් ගත්තාවේ යන අදහසින් හෝ ගත්තානම් ආයෙත් මොන කෙහෙල්මලටද අපි සර්විස් දෙන්නේ කියන ආකල්පය තමයි තියෙන්නේ. මම දන්න විදිහට මෙරට නිෂ්පාදනය කරන බොහොමයක් දේ ප්‍රමිතියෙන් තොරයි. ඉතින් පාරිබෝගියා කිසිම දවසක ව්‍යාපාරිකයාව විශ්වාස කරන්නේ නැහැ.
උදාහරණ ඕන තරම් තියෙනවා.
ඩී එස් අයි පාවහන් එකක්. සපත්තු දෙකක් ගත්තොත් මාස තුනකින් එක්කෝ අඩිය ගැලවෙනවා, නැත්නම් ෂයින් එක යනවා, නැත්නම් අඩිය ලෙල්ලටම ගෙවෙනවා. මට තියෙන අත්දැකීම තමයි, මම ගත්ත සපත්තු දෙක රුපියල් 3000 වුනා. මේ අයගේ සපත්තු ගැන ලොකු විශ්වාසයක් නොතිබුනත් අවුරුද්දක වගකීමක් දෙනවා කිව්ව නිසා ගත්තා. ඒ ගානට අවුරුද්දක් දැම්මොත් හොඳටම ඇතිනේ කියල හිතලා. මාස තුනක් යනකොට අඩිය ගැලවුනා. වගකීමක් තියෙන නිසා ගත්ත ෂොප් එකටම දුන්නා. සති 3 ක් ගියා. බඩු ලැබුණේ නැහැ. අනිතිමට ගිහිල්ලා කෑ ගැහුවාම හම්බවුනා. ඒ ළඟ තිබුන සපත්තු මහන තැනකට දීලා මහලා තිබ්බා. ඔන්න කම්පැනි වොරන්ටි. මේ වගේ එවුන් එක්ක කතා කරලා වැඩක් නැති නිසා ආපහු ආවා. අන්තිමට සිංගප්පූරුවෙන් සපත්තු දෙකක් ගෙන්න ගත්තා. රුපියල් 6000 වුනා. දැන් අවුරුදු 4ක් දානවා. තාම අඩියවත් ගෙවිලා නැහැ.
මොබිටෙල් තවත් එකක්. මට හැමදාම මොබිටෙල් එකේ ප්‍රෙමා්ෂනල් මැසේජස් හරි ඇමතුම් හරි එනවා. ගෙදර නිදහසේ ඉන්න ඉරිදා දවස් වල තමා මේක වැඩි. බැරිම තැන මම කිව්වා මට ඒ අයගේ ප්‍රෙමාෂන්ස් අවශ්‍ය නැහැ මින් ඉදිරියට ඒවා එවන්න එපා කියලා. ඒත් වෙනසක් නැහැ.


මේ වගේ ව්‍යාපාර තියෙද්දි පාරිභෝගික විශ්වාසය තියෙයිද?