ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හෙවත් බිස්නස් සහ පාරිභෝගියා අතර ඇති සම්භන්ධතාවය ඉතාමත් ප්‍රාතමික මට්ටමක ඇත. විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල් දෙස බැලූ විට මෙම වෙනස හොඳින්ම පෙනී යනවා
මෙරට පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් හෝ ආයතන දෙස බලන්නේ අතිශයින්ම සැක මුසු අයුරින්. හැකි සෑම අවස්ථාවකම තමන්ව නැති කිරීමට පැමිණි අයෙක් දෙස බලන ආකාරයටයි. ව්‍යාපාරිකයන් ද මේ ආකාරයටම පාරිභෝගිකයන් දෙස බලයි. ඹවුන් සලකන්නේ පාරිභෝගියා යනු ඔවුන්ගේ අනුකම්පාව යදින්නෙක් බවයි. ඕනෑනම් ගත්තාවේ යන අදහසින් හෝ ගත්තානම් ආයෙත් මොන කෙහෙල්මලටද අපි සර්විස් දෙන්නේ කියන ආකල්පය තමයි තියෙන්නේ. මම දන්න විදිහට මෙරට නිෂ්පාදනය කරන බොහොමයක් දේ ප්‍රමිතියෙන් තොරයි. ඉතින් පාරිබෝගියා කිසිම දවසක ව්‍යාපාරිකයාව විශ්වාස කරන්නේ නැහැ.
උදාහරණ ඕන තරම් තියෙනවා.
ඩී එස් අයි පාවහන් එකක්. සපත්තු දෙකක් ගත්තොත් මාස තුනකින් එක්කෝ අඩිය ගැලවෙනවා, නැත්නම් ෂයින් එක යනවා, නැත්නම් අඩිය ලෙල්ලටම ගෙවෙනවා. මට තියෙන අත්දැකීම තමයි, මම ගත්ත සපත්තු දෙක රුපියල් 3000 වුනා. මේ අයගේ සපත්තු ගැන ලොකු විශ්වාසයක් නොතිබුනත් අවුරුද්දක වගකීමක් දෙනවා කිව්ව නිසා ගත්තා. ඒ ගානට අවුරුද්දක් දැම්මොත් හොඳටම ඇතිනේ කියල හිතලා. මාස තුනක් යනකොට අඩිය ගැලවුනා. වගකීමක් තියෙන නිසා ගත්ත ෂොප් එකටම දුන්නා. සති 3 ක් ගියා. බඩු ලැබුණේ නැහැ. අනිතිමට ගිහිල්ලා කෑ ගැහුවාම හම්බවුනා. ඒ ළඟ තිබුන සපත්තු මහන තැනකට දීලා මහලා තිබ්බා. ඔන්න කම්පැනි වොරන්ටි. මේ වගේ එවුන් එක්ක කතා කරලා වැඩක් නැති නිසා ආපහු ආවා. අන්තිමට සිංගප්පූරුවෙන් සපත්තු දෙකක් ගෙන්න ගත්තා. රුපියල් 6000 වුනා. දැන් අවුරුදු 4ක් දානවා. තාම අඩියවත් ගෙවිලා නැහැ.
මොබිටෙල් තවත් එකක්. මට හැමදාම මොබිටෙල් එකේ ප්‍රෙමා්ෂනල් මැසේජස් හරි ඇමතුම් හරි එනවා. ගෙදර නිදහසේ ඉන්න ඉරිදා දවස් වල තමා මේක වැඩි. බැරිම තැන මම කිව්වා මට ඒ අයගේ ප්‍රෙමාෂන්ස් අවශ්‍ය නැහැ මින් ඉදිරියට ඒවා එවන්න එපා කියලා. ඒත් වෙනසක් නැහැ.
මේ වගේ ව්‍යාපාර තියෙද්දි පාරිභෝගික විශ්වාසය තියෙයිද?
0 comments:
Post a Comment