මා තුල තිබෙන කුමක් හෝ දෙයක් නිසා කිසි දිනෙක ආගමික මත, ගුප්ත විද්‍යා අනාවැකි, අවතාර, මන්තර, සාප, අනවින කොඩිවින, භූතාත්ම සහ සමහරුන්ට ඇතැයි සැලකෙන අද්භූත බල පිළිබදව විශ්වාස කිරීමට මට අපහසුය. ඒ නිසාම ඒ පිළිබද සැක ඇතිවිය.
හොල්මන් ඇතැයි කියන ස්ථාන කීපයකදී ම මට ලැබුණු අත්දැකීම නම් රෑ නිදි මරාගෙන සිට කිසිවක් නොදැක හෝ නොඇසී ගෙදර ඒමට සිදුවීමත් රෑ එලි වන තුරු රාත්‍රී සමාජ ශාලාවල ලගිනවායයි මගේ ආදරණිය මව සැක ඇති කර ගැනීමත් පමණකි.
මම හොල්මන් ඇතැයි කියවුනු ස්ථාන කිහිපයකම රාත්‍රිය ගත කර ඇත. තවමත් එවැනි ස්ථාන ඇතැයි දැනගැනීමට ලැබුනහොත් එහි ගොස් සොයා දැනගැනීමට උත්සහ කරන්නෙමි. ඉතාමත් මෑතකදී මට තවත් එවැනි තැනක් ගැන එනම් හපුතලේ එඩිසන් බංගලාව ගැන දැනගැනීමට ලැබුනු අතර මේ දෙසැම්බරයේ එහි ගොස් රැයක් හෝ දෙකක් ගත කිරීමට අදහස් කරගෙන සිටිමි.
අප අතර සිටින බොහෝ දෙනෙකු ශුභ අසුභ වේලාව සහ ලකුණු, වාසනා අංක, ඇස්වහ කටවහ, වාසනාවන්ත වර්ණ සහ මැණික්, ජේතිශ්‍යවේදය, හස්තරේඛා, අන්ජනම් එලි, පේන කීම, යකැදුරුකම, භූතවේදය, ආරූඩ වීම්, යකුන් බැදීම, පූජා, වන්දනා ගමන්, සුව කිරීමේ මෙහෙයන්, පිරිත් නූල්, සත්‍ය සායි බබා ගේ ශුද්ධ වූ අලු, කුරුස, ධාතු වල ආනිසංස, යන්ත්‍ර, ශුද්ධ වූ ස්ථාන, ශුද්ධ වූ පුද්ගලයන්, ශුද්ධ වස්තූන්, පරචිත්ත විජානනය, වස්කවි, සෙත් කවි, බෝධි පූජා, සහ වෙනත් එවැනි බොහෝ මිත්‍යා විශ්වාස දරයි.
මෙම මිත්‍යා විශ්වාස ගුප්ත ශාස්ත්‍රකරුවන්, භූතවේදීන් සහ පූජකවරුන් විසින් පහසුවෙන් රැවටෙන මිනිසුන්ගේ සිත්හි පැල පදියම් කරන ලද ඒවා බව ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා සිය පර්යේෂණ මගින් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ මහතාට අනුව එයට හේතුව මේ මිනිසුන් තුල එවැනි මිත්‍යා විශ්වාස ඇතිකිරීම මෙම ගුප්ත ශාස්ත්‍රකරුවන්, භූතවේදීන් සහ පූජකවරුන් ගේ ආර්ථික පැවැත්මට හිතකර වීමයි.
යාඥා, පුද පූජා සහ බලි තොවිල් මගින් ඒවා අදහන්නන් තුල ඇති කරනුයේ මානසික බලපෑමක් පමණි. යාඥා, පුද පූජා සහ බලි තොවිල් ආදී මේ සියලුම දේ මිනිස් මනසේ මාදක මත්ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. ආගම පීඩිත පන්තියේ අබිං යයි ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ කාල් මාක්ස් විසින් පවසා ඇත්තේ මේ නිසාවෙනි.
මිනිසා ගල් යුගයෙන් එඩේර යුගයටත් ඉන් පසු ගොවි යුගය ලෙස හදුන්වන ගොවිතැන් කිරීමේ සහ ස්ථිර වාසස්ථාන ඇති කර ගැනීමේ යුගයටත් පැමිණුනාට පසු පූජක පන්තිය බිහිවිය. මේ යුගයේදී මහන්සි වී වැඩ කිරීම සහ පවුල් ඒකකය පෝෂණය කිරීම වැනි කටයුතු නිසා මිනිසාගේ ගොවිතැන් වඩාත් දියුණු විය. එහි ප්‍රථිපලයක් ලෙස නිෂ්පාදන වල අතිරික්තයක් ඇති විය. වැඩ කිරීමෙන් වැලකී සිට මේ අතිරික්තය ඩැහැ ගැනීමේ සහ ඉන් තම ශ්‍රමය වැය නොකර ලෙහෙසියෙන්ම පෝෂණය වීමේ මගක් ලෙස සමහර මිනිසුන් ආගම නම් වූ මත්ද්‍රව්‍ය සාමාන්‍ය ජනයාට ලබාදෙන් ලදී. මේ කාර්්‍යයට සැදී පැහැදී සිටි පුද්ගලයන් පසු කලෙක පූජක පන්තිය ලෙස ඉදිරියට පැමිණුනි. පූජකයන් යනු තම ශ්‍රමය වැය කරමින් වැඩ කරන මින්සුන්ගෙන යැපෙන පරපෝෂිතයන් කොට්ඨාශයක් ලෙස හැදින්වීම සෑම අතින්ම සාධාරණය.
බොහෝ අවස්ථාවල රටවල් වල පාලකයන් සහ ධනපතියන් විසින් දුප්පත් වැඩකරන ජනතාවගේ ආවේග සහ සටන් යටපත් කිරීමේ මගක් ලෙසද ආගම පාවිච්චියට ගැනුණි. දෙවියන් වහන්සේට කීකරු වී සිටිය යුතු බවත් උන් වහන්සේගේ වචනය අවසාන වචනය බවත්, දුප්පත් වීම හෝ ධනවත් වීම හෝ අනිකුත් සියලු දේ උන්වහන්සේගේ කැමැත්තට අනුව සිදුවන බවත් ඊට පිටින් යාම දෙවියන්වහන්සේට විරුද්ධ වීමක් ලෙසත් කතෝලික දහමේ ඉගැන්වේ. ජනප්‍රිය බුදු දහමේද මීට සමාන වූ දෙයක් කියැවේ; එනම් දුගී වීම, ධනවත් වීම සහ අනෙකුත් සියලුම ලැබීම් සහ නොලැබීම් පසුගිය ආත්මයේ සිදුකර ඇති පින් හෝ පව් වලට අනුව සිදුවන බවයි. ඊට අනුව මේ ආත්මයේදී පින් කිරීමෙන් ලබන ආත්මයේදී හොද ජීවිතයක් ලැබිය හැකිය. මේවා සියල්ල අහිංසක මිනිසුන් මුලාකර තම පැවැත්ම සාදා ගැනීමට විවිධ පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශයන් පමණකි. ඉන් ඔබ්බට මේ දේශනා වල කිසිම වැදගත් කමක් නැත.
මා දැනුම් තේරුම් ඇති කල සිටම කිසිම ආගමක් ඇදහීමෙන් වැලකී සිටියෙමි. පාසලේදී පවා ආගම ලෙස බුද්ධාගම ඉගෙන ගත්තේ විභාග පාස්වීමේ අරමුණින් පමණකි. එසේ වීමෙන්ම මට ඇතිවූ පාඩුවක් හෝ අවැඩක් නැත. අන් සියලුම පුද්ගලයන් මෙන් මාත් හොද ජීවිතයක් ගත කරනවා පමණක් නොව ආගම් සදහා යොදවන කාලය වෙනත් කටයුතු සදහා යෙදවීමෙන් වටිනා කාලය ඉතිරි කර ගැනීමටද මට හැකිවී ඇත.