Main image

2/17/2010

ලංකාවේ ගමනාගමනය


මේ ලියන්න යන්නෙ ගමනාගමනය ගැන විග්‍රහයක් නම් නෙමෙයි, මේ ළකදි මට සිදුවුණ දෙයක්.

ලංකාවේ පොදු ප්‍රවාහන සේවයකින් ගමනක් යනවා කියන්නේ අපේ විදිහට කියනවා නම් කුණක්. මම හිතන්නේ බස් වල හෝ දුම්රිය වල ගමන් කරලා තියෙන කෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති.

කිලෝමීටර් 120 කියන්නේ දැන් කාලේ බොහොම සුලු දුරක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. කැනඩාවේ ඉන්න මගේ හො මිත්‍රයෙක් හැම දවසකම පැයක් ගතකරලා කි.මි. 100 දුරක් යනවා තමන්ගේ වැඩකරන ස්ථානයට, ජපානයේ ඉන්න මගේ මල්ලි කාලයක් දුම්රියෙන් කි.මි. 100 වැඩි දුරක් හැමදාම ගමන් කළා වැඩ කරන තැනට, ඉතින් මේ දේවල් හිතනකොට මේක හරි සරල දෙයක්.

කි.මි. 120 කියන්නේ කොළඹ ඉලා මගේ උපන් ගමට තියෙන් දුර. හරියටම කිව්වොත් කොළඹ ඉලා මහනුවරට තියෙන දුර, එතන ඉලා තව කි.මි. 4ක් තියෙනවා මගේ ගෙදරට. සම්පූර්ණයෙන්ම ගත්තොත් කි.මි. 124 හෝ 125.

කියන්න පුළුවන්ද මට මේ ගමන යන්න කොච්චර වෙලාවක් ගියාද කියල. මේ කියන්නේ සෙනසුරාදා උදේ වරුවක් ගැන. හරියටම කිව්වොත් පැය 6 ට වැඩිය ගියා!

මම උදේ 10.15 (හරියටම වෙලාව මතක නැහැ, ඒත් මතක විදිහට 10.15 තමයි) තියෙන මහනුවර දුම්රියට කොළඹ කොටුවෙන් නැග්ගේ විනාඩි 20ක් කලින්. වැඩි හොට දෙවන පන්තියේ ටිකට් එකක් ගත්තා ටිකක් හරි අඩුවෙන් හිරවෙලා යන්න හිතාගෙන. ඒත් බලනකොට දෙවනි පන්තිය මොකක්ද, තුන්වන පන්තිය මොකක්ද කියලා හොයා ගන්න බැරි තරමට සෙනග. දෙවන පන්තියේ ගමන් කරන හැමෝම ඒ අදාල ටිකට්ම අරගෙන ඉන්න අයද කියලා මටනම් වෙලාවකට සැකයි. මොකද කවුන්ටරයෙන් කිව්වේ 2nd class ටිකට් වැඩිය ගිය නැති බවයි. ඒත් මොනව කරන්නද, යන්තම් දොර ළ එල්ලුනා. මම අකමැතිම සහ බයම දේ තමයි දොරේ එල්ලිලා යන එක. එක වතාවක් අසාවට ගිහිල්ලා‍ තේරුම් ගත්තා අයෙ නම් කවදාවත් ඒ ගොන් වැඩේ කරන්නේ නැහැ කියලා. ඒත් එදා නම් කරන්න දෙයක් තිබුනෙම නැහැ. කොහොම හරි ඒක හරි කියමුකෝ, දැන් වෙලාව 10.20, තවම කෝච්චිය තිබුණු තැනමයි. මම හිතුවා විනාඩි පහ කියන්නේ එච්චර දෙයක් නොවෙයිනේ, දැන් යන්න පටන් ගනී කියලා. කිසිම දැනුම්දීමකුත් නැහැ වෙලාව 10.30. මම වටපිට බැලුවා වැරදි කෝච්චියටද නැගලා තියෙන්නේ කියලා දැනගන්න. ඒත් නැහැ. ඔන්න ඒ වෙලාවේ ස්ටේෂන් එකේ යකඩ කට කෑගහන්න පටන් ගත්තා. “පෙරවරු 10.15 මහනුවර සහ මාතලේ බලා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින විනාඩි 30 පමණ ප්‍රමාදවී ධාවනය වේ” කියලා. මම කල්පනා කළේ 10.15 යන්න තියෙන් කෝච්චිය පරක්කු වෙනවා කියල කියන්නෙත් 10.30 ට නම් මොනවා කරන්නද කියලයි. යන්තම් 10.45 කිව්වා දැන් කෝච්චිය පිටත් වෙනවා කියල. ඒත් 10.50 වෙලත් කිසිම වෙනසක් නැහැ. යන්තම් එකොළහට විනාඩි පහක් තියෙද්දි කෝච්චිය යන්න පිටත් වුනා. මේක සීග්‍රගාමී දුම්රියක් නිසා ටිකක් ඉක්මනට යන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒත් සංඥා (signal) නොලැබීම නිසා කීප තැනක නවත්තමින් යන්තම් 1.30 ට කෝච්චිය පොල්ගහවෙලට ආවා. මෙතන ඉලා තව පැය එකහමාරක්වත් යනවා නුවරට යන්න. පොල්ගහවෙලින් සෑහෙන පිරිසක් බැහැල ගිය නිසා යන්තම් ඉඩ ටිකක් ලැබුණා. මමත් බැහැලා කැන්ටිමට ගිහිල්ලා වතුර බෝතලයක් එහෙම අරගෙන පොඩි බිස්කට් එකකුත් බඩට දාගත්තා. අම්මට දවල් කෑමට එනවා කියලා තිබුණ නිසා මම වෙන දෙයක් කෑවෙත් නැහැ.

ඉතින් මෙතන කෝච්චිය විනාඩි දහයක් විතර තිබුණා. බලනකොට බඩු වගයක් පටවනවා. වැඩේ ඉවර වෙන්න තව විනාඩි පහක් ගියා. ඒත් තවමත් ගමන පටන් ගත්තේ නැහැ. තවත් විනාඩි 15 කට විතර පස්සේ දැනුම්දීමක් කළා කෝච්චිය පැය බාගයක් විතර පරක්කු වෙන බව කියලා.

දැන් වෙලාව 2.00. බලනකොට එන්ජින් එක පෙට්ටි වලින් වෙන්කරලා අහකට ගත්තා. තවත් විනාඩි 20 ක ට විතර පස්සේ තව එන්ජින් එකක් ගෙනල්ලා සවි කළා. අන්තිමට 2.25 ට කෝච්චිය ආයෙත් ගමන පටන් ගත්තා. දැන්නම් ඉතින් එක දිගට යන්න පුළුවන්, මම හිතුවා. ඇත්තටම ගමනත් හොට කෙරුනා. පැයකට විතර පස්සේ කෝච්චිය ඉහල කෝට්ටේ නැවතුම් පොළට ආවා. වෙලාව 3.25. මගින් කීප දෙනෙක් බැස්සා, දැක්ක විදිහට නම් කිසිම කෙනෙක් ඇතුල් වුනේ නැහැ. මේ විදිහට මෙතනත් අපි විනාඩි 25 විතර ඉන්නකොට නුවර ඉලා එන කෝච්චියක් ආවා. ඊට පස්සේ තමයි මම හිටපු දුම්රිය ගමන පටන් ගත්තේ. වෙලාව 3.55. තව විනාඩි 45 වත් යනවා නුවරට යන්න. අන්තිමට මම අම්ම හදල තිබුණ දවල් කෑම එක කනකොට වෙලාව 4.55.

ගමනට ගතවුන සම්පූර්ණ කාලය පැය 6 විනාඩි 40!

කොහොමද ලංකාවෙ පොදු ගමනාගමනය!

9 comments:

  1. කාට කියන්නද?

    අනේවාසික

    ReplyDelete
  2. ලංකාව හැමදාම පස්සට යන්න එක හේතුවක් තමයි නිසි පාලනයක් සංවිධානයක් නැති ගමනාගමනය....
    හැබැයි ආරංචියෙ හැටියට නං ලංකාවෙ පාරවල් දැන් ගොඩක් හොදට හදලා කියලා තමයි....
    දැන් ඉතිං පාරවල් වලට වරද පටවන්න් බැහැ නේද?
    පරිපාලනය තමයි අප්සට්

    ReplyDelete
  3. පාරවල් හොදට හදලා තිබුනට වැඩක් නැහැ, කිසිම ප්‍රමිතියක් නැති සේවය නිසාත්, සමහර වෙලාවට නිසි විනයක් නැති මගි ජනතාව නිසාත් ප්‍රවාහණය අන්තිමටම වැටිලා.

    මේවට විරුද්ධව ඇක්ෂන් ගන්න බැහැ වෘත්තිය සමිති පාරට බහිනවා. උදාහරණයකට, කෝච්චියක් පරක්කු වුණොත් ඒකට වගකිවයුත්තෙක් නැහැ. අනතුරක් වුනොත් ඒකටත් එහෙමයි.

    සිංගප්පූරුව වගේ රටවල් වල විනාඩි 5 ක් හෝ කෝච්චියක් පරක්කු වුණොත් එන්ජින් ඩ්‍රයිවර් විතරක් නෙවෙයි, ඒ අතරමැද ස්ටේෂන් දෙකේ ප්‍රධානීනුත් තවත් කීප පිරිසකුත් වග කිව යුතුයි. ඒ විතරක් නෙවෙයි, බොහොම කෙටි කාලයකදි ඒ සදහා පිළිතුරු සපයන්නත් ඕනෙ.

    අපේ රටේ වෙන්නෙ කෝච්චිය පරක්කු වුනොත් හැමෝටම අතිකාල (OT)ගෙවන එකයි. ඉතින් කවදාවත් හැදෙයිද

    ReplyDelete
  4. අනේ මන්දා,
    ඔය පරක්කුව සාධාරණීකරනය කරන්නත් හේතු තියෙනවා නේද අනිත් පැත්තෙනුත්?
    ඕනකමේ පරක්කු කරන්නේ නෑනේ..

    මේ රටවලට වඩා අපේ රටේ යන මගීන් ගාන වැඩියි. පාරවල් අඩුයි. අනතුරු වැඩියි.
    අනිත් කෝච්චිය එනකල්ම බලං ඉන්න වෙනවාමයි ඒ පීල්ලේ යන්න.

    අනිත් එක අපේ රටේ අය කරන්නේ සාපේක්ශව අඩු මුදලක් ටිකට් එකට. ඒකින් ඔක්කොම නඩත්තු කරන්න බෑ..

    මේ ඔක්කොම නැති කරන්න පුලුවනි පෞද්ගලීකරනය කරා නම්.. මේ රටවල ඒක නිසා තමයි හොද සේවයක් දෙන්නේ.

    ඒත් අපේ රටේ උදවිය ඒකටත් අකමැතියි..
    ඉතිං මක්කොරන්නද? ඔහොමම යංකෝ!!!

    ReplyDelete
  5. ඇත්ත කියලා තියෙන්නෙ.. ඒත් හැමදාමත් කෝච්චියෙන් ජොබ් එකට එන අපිට මේ විදියට හරි එන්න තියන එක ගැන චූටි හරි සන්තෝසයක් තියනවා.. බස් එකේ ඇවිත් බලන්න ඕනෙ ට්‍රැෆික් එකේ දුක තේරෙන්න...

    ReplyDelete
  6. පිස්සා ගේ(සමාවෙන්න නම දන්නෙ නැති නිසා පිස්සා කිවුවට) සාධාරණිකරණයේ සමහර ඒවානම් හරිම නැහැ වගේ නේද.

    අපේ රටේ යන සෙනග වැඩී කියන එකම පිළිගන්න අමාරුයි. ඔබ ඉන්දියාවේ හරි ඉන්දුනීසියාවෙ හරි එහෙමත් නැත්නම් ජපානයේ හරි ගිහිල්ලා තියෙනවනම් බලාගන්න පුලුවන් අපේ සෙනග මොන වැඩියිද කියල. විශේෂයෙන් දියුණු ජපානයේ ඉන්න සෙනග කන්දරාව දැක්කොත්. ඒත් ඒ රටවල හැමදේම හොදට යනවා.

    අනිත් එක කාලසටහන් හදලා තියෙන්නේ මිලියන් ගානක් වියදම් කරලා, විශේෂඥයින් ලව්වා. ඉතින් එක කෝච්චියක් යන වෙලාව අනික එක්ක පැටලෙන්න බැහැනේ.

    ටිකට් එකේ ගාන නම් ටිකක් අඩුයි තමයි. හැබැයි මමනම් හිතන්නේ ගොඩක්ම අඩු නැහැ. සිංගප්පුරුව වගේ සන්සන්දනය කරලා බැලුවොත් ඒක පේනවා. මේකට තියෙන හොදම විසදුම තමා විදුලි දුම්රිය. හොදටම ලාබයි.

    ReplyDelete
  7. ඔච්චර ඉක්මනට ගිය එක ගැන සතුටු වෙන්න ඕනේ සමහර වෙලාවට අපි ගම්පහට එන්නත පැය දෙක තුන ගත කරනවා

    ReplyDelete
  8. මම පොඩි මැණිකෙන් කොටුවෙ ඉඳං බදුල්ලට ගියා හැම ස්ටේෂන් එකකටම කාල සටහනේ වෙලාවටම ගියානෙ. හවස 4ට බදුල්ලට ළඟා වෙන්න තියන කොච්චිය පරක්කු උනේ විනාඩි හතරයි(4) විශ්වාස කරන්න පුළුවන්ද? 4:04 වෙන කොට බදුල්ලෙ. නියම වෙලාවට පිටත් උනා. බදුල්ලට කිලෝ මීටර් 290ක් තියනවා. නුවරට වගේ දෙගුණයටත් ටිකක් වැඩියි.

    ඔය සිද්ධියට මෙහෙමත් හේතුවක් තියෙන්න පුළුවන්. රජය අපහසුතාවයට පත් කරන්න වගේ දෙයක්. මගේ යාළුවෝ ගොඩ දෙනෙක් කැම්පස් එන්නෙ දුම්රියෙන්. ඔවුන් කිව්වා ජනාධිපතිවරණය ආසන්න කාලෙ හා ඉන් පසු දුම්රිය ප්‍රමාදය වැඩියි කියලා. අනේ මන්ද.

    ReplyDelete
  9. මම බදුල්ලෙ ගියෙ පෙබරවාරි 18 වැනිදා

    ReplyDelete