Main image

1/13/2015

සුමනදාස අබේගුණවර්ධනට ඇතුළු සියලුම ජෝතිශ්‍යකරුවන්ට අභියෝගයක්!



ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බව කියා දැන් වෙනත් කතාවක් කියන මහත්මයාණෙනි, ඔබට අභියෝගයක් ඉදිරිපත් කරන්නෙමි.

මේ සියලු අනාවැකි සහ ජෝතිශ්‍ය ඇත්ත කියන ඔබතුමා මගේ මේ බොහොම පොඩි අභියෝගය බාර ගෙන තමා බොරුකාරයෙක් නොවන බව ඔප්පු කරන්න.

මම විශ්වාස කරන ආකාරයට ජෝතිශ්‍ය කියන්නේ සම්පූර්ණ බොරුවක්. අතිශය දර්ශනවාදී දහමක් වන බුදු දහම දේශනා කළ බුදුන් වහන්සේ පවා නැකත් සහ ජෝතිශ්‍ය සාස්තර බොරුවක් සහ පුස්සක් බව පසක් කර තිබියදී ඒවා සත්‍ය යයි කියන ඔබ තව දුරටත් එය එසේම පවත්වා ගැනීමය නම් මේ අනාවැකිය කියන්න.

කේන්දර, අත්ල රේඛා ශාස්ත්‍රය හෝ ඕනෑම දෙයක් බලා නමුත් මුහුණ හෝ වෙනත් අනන්‍යතාවය හැඟවෙන දෙයක් නොබලා කියන්න පුළුවන්ද කෙනෙකුගේ ගැහැනු පිරිමි බව.

මේක මීට කාලයකට ඉහතදී ආචාර්්‍ය කොවුර් විසින් කරන ලද විවෘත අභියෝගයක්.

මම දෙන්නම් පුද්ගලයන් දහ දෙනෙකුගේ උපන් වෙලාව, ස්ථානය, ලග්නය සහ වෙනත් අවශ්‍ය ඕනෑම අනන්‍යාතාව නොහැඟවෙන තොරතුරු. පුළුවන් නම් ප්‍රසිද්ධ ස්ථානයකදී ආරාධිතයන් ඉදිරියේ මේ අයගේ ගැහැණු පිරිම බව ප්‍රකාශ කරන්න. ඔබතුමා කියන විදිහට සියයට පහක නෙවෙයි මම දෙන්නම් සියයට දහයක වැරදීමේ ප්‍රතිශතයක්. පුළුවන්නම් පෙන්වන්න හැකියාව. මම මේ සියලු දෙනාගේ අනන්‍යතාව ඔබතුමා ඉදිරියේම සීල් කර පිලිගත හැකි පුද්ගලයෙක් භාරයේ තියන්නම් ඔබතුමා අනාවැකිය ප්‍රකාශ කර අවසාන වෙන තුරු. 

ඒ වගේම සාධාරන පරික්ෂණයක් සදහා මම සාස්තර ගැන මෙලෝ දැනුමක් නැති ඒ අවස්ථාවේ ඔබ පිලිගන්නා ඕනැම කෙනෙකු ඉදිරිපත් කරන්නම් ඔබත් සමගම අනාවැකි කියන්න. බලමු මොකද වෙන්නේ කියලා.

විශේෂ නිවේදනයයි, මේ අභියෝගය ඕනෑම කෙනෙකුට විවෘත බව සලකන්න!

අභියෝගය බාරගන්නවා නම් මේ පෝස්ට් එක තුලම කමෙන්ට් කරන්න. එතුමාව දන්න කෙනෙක් ඉන්නවනම් එතුමාට මේක දැනුම් දෙන්න.

3 comments:

  1. තේරුමක් නෑ බං. ඕකුන් එකෙක්වත් අභියෝග භාරගන්නෙ නෑ. නමුත් මුන්ට අහුවෙන හරක් කොට්ටාසයක් ඉන්නව. ඒකත් අවුලක් නෑ, මුන්ව විශ්වාස කරන පාලකයෙක් ආවම ඌ මුන්ගෙ පදයට නැටීමයි අවුල

    ReplyDelete
  2. කොවුර්ගේ අභියෝගය තාමත් විවෘතයි කෝ ඉතිං ඔය කියන මහා විජ්ජා කාරයෝ. විහිලුව කියන්නේ මේ දේවල් බොරු බව සහසුද්දෙන්ම දැන දැනත් ඒ පස්සෙන්ම යාමයි.

    ReplyDelete
  3. ජෝතිශ්‍යය තුලින් ගැහැනු පිරිමි බවක් හොයන්න බෑ

    ReplyDelete