Main image

10/17/2012

FUTA එක පිටිපස්සේ ගිහින් ඇන ගත් ආදරණීය සහෝදර සහෝදරියන් වෙත!













FUTA එක පිටිපස්සේ ගිහින් උඹලා ඇන ගන්න බව මම නම් මුල ඉඳලම දැන ගෙන හිටියා.

විශ්ව විද්‍යාල වල ඉන්න උඹලා වැඩි දෙනෙක් අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. වේලක් ඇර වේලක් කාලා ජීවිතය ගැටගහගත්ත මිනිස්සු. මේ දෙමව්පියන් තමන්ගේ සියලුම සැප සම්පත් කැප කරන්නේ උඹලා වෙනුවෙන්. කන්නංගර උත්තමයගේ අපිරිමිත උත්සාහය නිසා උඹලා ට නිදහස් අධ්‍යාපනය ලැබුනා. ගමේ ගොඩේ ඉඳලා, නොවිදිනා දුක් විදලා දරුවන් පෝෂණය කරන, උන්ට උගන්වන දෙමව්පියන්ට තමන්ගේ දරුවනුත් සමාජයේ උසස් තැන්වල තියන්න පුළුවන් වුනේ මේ නිසා.

ලෝකේ දියුණු කළේ, නැත්නම් සම්මතයට පිට ගිහිල්ලා ලොකේ වෙනස් කළේ එකෙක්වත් ඔය ලොකු තැන්වලින් ආපු මාන්නක්කාරයෝ නෙවෙයි. උඹලා වගේ අගු පිල්වලින් ආපු මහා පඬිවරු නැත්නම් මහා නිපැයුම්කරුවන්. උඹලටත් ඒ හැකියාවට තැනක් ලැබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්, ඒබ්‍රහම් ලින්කම්, නැත්නම් ලෙනින්, චේ, කැස්ට්‍රෝ, එහෙමත් නැත්නම් නූතන කාලයේ ලී ක්වාං යූ, මහතීර් මොහොමඩ් වගේ හැමෝම දුක් විඳලා, කුණු කාණු වල ලැගලා අමාරුවෙන් ජීවිතය ජය ගත්ත අය. උඹලත් වැටෙන්නේ ඒ ගොඩට.

මතක තියාගනිල්ලා ඔය දැන් කෑගහන FUTA එකේ ඉන්න එකෙක් වත් උඹලගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහන්නේ නැහැ. උන් මුලින්ම බැලුවා උන්ගේ පඩිය වැඩි කර ගන්න. බැරි වුනාම සියයට හයක් අධ්‍යාපනයට දියව් කියලා කෑ ගැහුවේ උඹලට ආදරේටවත්, නිදහස් අධ්‍යාපනය රැක ගන්න වත් නෙවෙයි. අධ්‍යාපනේට සියයට හයක් වෙන් කරගෙන ඊට පස්සේ ඒකෙන් උන්ගේ පඩි වැඩි කරගන්න. ඒක උඹලා නොදැන හිටියා කියලා හිතන්නත් අමාරුයි.

උන්ගේ තේමාවම බැලුවම තේරෙනවා උන් සටන් කළේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න නෙවෙයි රාජ්‍ය අධ්‍යාපනය රැක ගන්න කියලා. උඹලට තේරුනේ නැද්ද රාජ්‍ය අධ්‍යාපනයෙයි නිදහස් අධ්‍යාපනයෙයි වෙනස. උන්ට ඕන වුන නිදහස් අධ්‍යාපනයක් නැහැ. උන්ට ඕන වුනේ රජයට කඩේ ගිහිල්ලා රාජ්‍ය අධ්‍යාපනය රැක ගෙන උන්ට ලකුණු දාගන්න. රාජ්‍ය අධ්‍යාපනය කියන්නේ රජයට ඕන විදිහට උඹලට දෙන අධ්‍යාපනයට. ඒක කොහොමවත් නිදහස් නැහැ. 

ඔය කෑ ගහන වුන් එකෙක්වත් කැමති නෑ උඹලා ලොකු තැන්වලට එනවට. මොකද උන් බයයි උන්ට වඩා උඹලා ටැලෙන්ට් වෙනවට. උඹලා විභාගෙකට ලියලා මාකින් කරනකොට උන් කවදාවත් උඹලට උපරිම ලකුණු දෙන්නේ නැහැ. උත්තර බලන එකා විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ ඒ විෂයයට ඌ ලකුණු අරන් තියෙන්නේ උඹට වඩා අඩුවෙන් නම් උවමනාවෙන්ම උඹේ ලකුණු අඩු කරනවා. එකෙක් දෙන්නෙක් ඇර අනිත් හැම එකාම එහෙමයි. ඒ තරම්ම කුහක ජාතියක් ඔය විශ්ව විද්‍යාල ආචාර්්‍ය වරු.

මතක තියා ගනිල්ලා අපේ රටේ විශ්ව විද්‍යාලවලට උගන්වන්න යන්නේ තමන්ගේ විෂයයෙන් ඉහලටම ගිහිල්ලා ඒ සම්බන්ධව ක්‍රියාකාරීව ප්‍රායෝගිකව වැඩ කරන්න බැරි පොතේ දැනුමට විතරක් සීමා වුන අය. උන්ට යන්න බැරිවුන තැන් වලට උඹලා යනවට උන් කොහොමත් විරුද්ධයි.

ඔය කෑ ගහන වුන්ම තමා උඹලගේ සහෝදරියන් වගේ ඉන්න අක්කලා නංගිලා විශ්ව විද්‍යාලයේ දී පාස් එකක් වෙනුවෙන් ලිංගික අල්ලසට යට කර ගන්නේ. අමුවෙන්ම කියනවනම් සබ්ජෙක්ට් එක පාස් කරන්න නම් උන් එක්ක නිදා ගන්න කියන්නේ මුන්.

එහෙම කරන වුන් නිදහස් අධ්‍යාපනේට සියයට හයක් ඉල්ලලා උඹලා වෙනුවෙන් හෝ උඹලාගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් මේ තරම් කටු කනකොට මටනම් සැක හිතුනා. උඹලාගේ අන්තරේ වුන්ට මේක තේරුණත් මම හිතන්නේ දැන් නම් ඒක තනිකරම දේශපාලන අන්තරයක් නිසා ඇස් අන්ධ වෙලා. උන් උඹලව නැටෙව්වද?

කොහොමවුනත් අන්තිමට වුනේ, උන් බැසිල් එක්ක ෂේප්මන්ට් එකක් දා ගන්න කොට උඹලගේ දෙන්නෙක් වලට ගිය එක විතරයි. රටට වැඩක් කරන්න පුළුවන් හිත හොඳ කොල්ලෝ දෙන්නෙක්ගේ ජීවිත අපරාදේ නැති වුනා. දැන් පුළුවන්නම් අහපන් ඔය අන්තරේ වුන්ගෙන් හරි බැසිල් එක්ක ෂේප්මන්ට් දාගත්ත හුටා එකේ උන්ගෙන් හරි ඒ මරණ දෙක සැක සහිතයි කියලා ආන්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න කියලා.  මම හිතන්නේ උන්ට ඇහෙන එකක් වත් නැහැ. (පොලිසියෙන් ඉල්ලන්න කියන්නේ නැත්තේ තවත් බන්දු සමරසිංහගේ ජාතියේ කොමඩියක් බලන්න අකමැති නිසා. ගෙදරට හොරෙක් පැනලා පොලිසියට ගියාමත් උන් අහන්නේ හොරාව දන්නවද, අල්ලගන්න බැරි වුනාද කියලනේ.)

මේකෙන්වත් තේරුම් ගනිල්ලා නිර්ධන පන්තියේ උඹලාට කවදාවත් ධනපති පන්තියත් එක්ක සන්ධාන ගහලා දිනන්න බැරි බව. උන් හැමදාම උඹලව පාවිච්චි කරනවා උන්ගේ ධනපති අරමුණු වෙනුවෙන්!

6 comments:

  1. math okama hithuwa saho eth mata bana waduna anthimeta ara ammalala dennata puththu dennek nathi un eka vitharai thanks lipiyata.

    ReplyDelete
  2. ලංකාවෙ නිර්ධන පන්තිය ධනපති පන්තියට ඇතුල්වෙන්නට පාලමක් විදියට නිදහස් අධ්‍යාපනය පාවිච්චි කරන්වා...ලංකාවෙ කවදාවත් සිරා ධනපති පංතියක් වත් නිර්ධන පංතියක් වත් නෑ...

    ෆුටා එක පිටිපස්සෙන් මොකෙක්වත් ගියෙ නෑ...සීයක් දෙසීයක් පස්සෙන් හිටියට ඒක සුලුතරයක්...

    ReplyDelete
  3. මගේ මාතෘකාව තියෙන්නේ සියළුම සිසුන් වෙනුවෙන් නෙවෙයි. හොඳට කියවලා බලන්න.

    “FUTA එක පිටිපස්සේ ගිහින් ඇන ගත් ආදරණීය සහෝදර සහෝදරියන් වෙත!“

    ReplyDelete
  4. futa eke inneth oya sahodara sahodariyo atharin aapu ayama misak udin path wechcha un nemeyi. gon kathaa nokiyaa indahan. lechaala ekka ariyas ekaka thiyenam eka wenama wisnda ganin.

    ReplyDelete
    Replies
    1. Lecturer කෙනෙක් එක්ක ඇරියස් එකක් තියෙන්න මම කවදාවත් ලංකාවේ කැම්පස් ගිහින් නැහැ. ඒත් මෙහෙම කියන්න ඔබතුමාත් එක්කෝ වැස්සකටවත් කැම්පස් ගිහින් නැහැ, නැත්නම් ඔබතුමාත් ආචාර්්‍යවරුන්ගේ පැත්තේ.

      මම කිව්වේ නැහැ ඒ අය උඩින් පාත් වුනා කියලා. ඒ වැඩි දෙනෙකුත් දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ තමා, ඒත් ඒ අය මුල අමතක කරලා අලුතින් වැටුන සුළු ධනේෂ්වර පන්තියට කත් අදිනවා. තමන්ගේ පැවැත්ම ගැන විතරක්ම හිතනවා. කැම්පස් යන වැඩි දෙනෙක් තමන්ගේ උත්සාහය නිසා පාස් වෙනවා මිසක් ආචාර්්‍යවරුන්ගේ කැපවීම නිසා පාස් වෙනවා නෙවෙයි.

      Delete
  5. කණගාටුම දේ මුන්ගෙ පඩිය වැඩිකරගන්න ශිෂ්‍යයො දෙන්නෙක් ජීවිත පූජා කිරීම

    ReplyDelete