21 වන සියවසේ විද්‍යුත් සෙල්ලිපිය
ලංකාවේ පොදු ප්‍රවාහන සේවයකින් ගමනක් යනවා කියන්නේ අපේ විදිහට කියනවා නම් කුණක්. මම හිතන්නේ බස් වල හෝ දුම්රිය වල ගමන් කරලා තියෙන කෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති.
කිලෝමීටර් 120 කියන්නේ දැන් කාලේ බොහොම සුලු දුරක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. කැනඩාවේ ඉන්න මගේ හොඳ මිත්‍රයෙක් හැම දවසකම පැයක් ගතකරලා කි.මි. 100 දුරක් යනවා තමන්ගේ වැඩකරන ස්ථානයට, ජපානයේ ඉන්න මගේ මල්ලි කාලයක් දුම්රියෙන් කි.මි. 100 වැඩි දුරක් හැමදාම ගමන් කළා වැඩ කරන තැනට, ඉතින් මේ දේවල් හිතනකොට මේක හරි සරල දෙයක්.
කි.මි. 120 කියන්නේ කොළඹ ඉඳලා මගේ උපන් ගමට තියෙන් දුර. හරියටම කිව්වොත් කොළඹ ඉඳලා මහනුවරට තියෙන දුර, එතන ඉඳලා තව කි.මි. 4ක් තියෙනවා මගේ ගෙදරට. සම්පූර්ණයෙන්ම ගත්තොත් කි.මි. 124 හෝ 125.
කියන්න පුළුවන්ද මට මේ ගමන යන්න කොච්චර වෙලාවක් ගියාද කියල. මේ කියන්නේ සෙනසුරාදා උදේ වරුවක් ගැන. හරියටම කිව්වොත් පැය 6 ට වැඩිය ගියා!
මම උදේ 10.15 (හරියටම වෙලාව මතක නැහැ, ඒත් මතක විදිහට 10.15 තමයි) තියෙන මහනුවර දුම්රියට කොළඹ කොටුවෙන් නැග්ගේ විනාඩි 20ක් කලින්. වැඩි හොඳට දෙවන පන්තියේ ටිකට් එකක් ගත්තා ටිකක් හරි අඩුවෙන් හිරවෙලා යන්න හිතාගෙන. ඒත් බලනකොට දෙවනි පන්තිය මොකක්ද, තුන්වන පන්තිය මොකක්ද කියලා හොයා ගන්න බැරි තරමට සෙනග. දෙවන පන්තියේ ගමන් කරන හැමෝම ඒ අදාල ටිකට්ම අරගෙන ඉන්න අයද කියලා මටනම් වෙලාවකට සැකයි. මොකද කවුන්ටරයෙන් කිව්වේ 2nd class ටිකට් වැඩිය ගිය නැති බවයි. ඒත් මොනව කරන්නද, යන්තම් දොර ළඟ එල්ලුනා. මම අකමැතිම සහ බයම දේ තමයි දොරේ එල්ලිලා යන එක. එක වතාවක් අසාවට ගිහිල්ලා තේරුම් ගත්තා අයෙ නම් කවදාවත් ඒ ගොන් වැඩේ කරන්නේ නැහැ කියලා. ඒත් එදා නම් කරන්න දෙයක් තිබුනෙම නැහැ. කොහොම හරි ඒක හරි කියමුකෝ, දැන් වෙලාව 10.20, තවම කෝච්චිය තිබුණු තැනමයි. මම හිතුවා විනාඩි පහ කියන්නේ එච්චර දෙයක් නොවෙයිනේ, දැන් යන්න පටන් ගනී කියලා. කිසිම දැනුම්දීමකුත් නැහැ වෙලාව 10.30. මම වටපිට බැලුවා වැරදි කෝච්චියටද නැගලා තියෙන්නේ කියලා දැනගන්න. ඒත් නැහැ. ඔන්න ඒ වෙලාවේ ස්ටේෂන් එකේ යකඩ කට කෑගහන්න පටන් ගත්තා. “පෙරවරු 10.15 මහනුවර සහ මාතලේ බලා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින විනාඩි 30 පමණ ප්‍රමාදවී ධාවනය වේ” කියලා. මම කල්පනා කළේ 10.15 යන්න තියෙන් කෝච්චිය පරක්කු වෙනවා කියල කියන්නෙත් 10.30 ට නම් මොනවා කරන්නද කියලයි. යන්තම් 10.45 කිව්වා දැන් කෝච්චිය පිටත් වෙනවා කියල. ඒත් 10.50 වෙලත් කිසිම වෙනසක් නැහැ. යන්තම් එකොළහට විනාඩි පහක් තියෙද්දි කෝච්චිය යන්න පිටත් වුනා. මේක සීග්‍රගාමී දුම්රියක් නිසා ටිකක් ඉක්මනට යන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒත් සංඥා (signal) නොලැබීම නිසා කීප තැනක නවත්තමින් යන්තම් 1.30 ට කෝච්චිය පොල්ගහවෙලට ආවා. මෙතන ඉඳලා තව පැය එකහමාරක්වත් යනවා නුවරට යන්න. පොල්ගහවෙලින් සෑහෙන පිරිසක් බැහැල ගිය නිසා යන්තම් ඉඩ ටිකක් ලැබුණා. මමත් බැහැලා කැන්ටිමට ගිහිල්ලා වතුර බෝතලයක් එහෙම අරගෙන පොඩි බිස්කට් එකකුත් බඩට දාගත්තා. අම්මට දවල් කෑමට එනවා කියලා තිබුණ නිසා මම වෙන දෙයක් කෑවෙත් නැහැ.
ඉතින් මෙතන කෝච්චිය විනාඩි දහයක් විතර තිබුණා. බලනකොට බඩු වගයක් පටවනවා. වැඩේ ඉවර වෙන්න තව විනාඩි පහක් ගියා. ඒත් තවමත් ගමන පටන් ගත්තේ නැහැ. තවත් විනාඩි 15 කට විතර පස්සේ දැනුම්දීමක් කළා කෝච්චිය පැය බාගයක් විතර පරක්කු වෙන බව කියලා.
දැන් වෙලාව 2.00. බලනකොට එන්ජින් එක පෙට්ටි වලින් වෙන්කරලා අහකට ගත්තා. තවත් විනාඩි 20 ක ට විතර පස්සේ තව එන්ජින් එකක් ගෙනල්ලා සවි කළා. අන්තිමට 2.25 ට කෝච්චිය ආයෙත් ගමන පටන් ගත්තා. දැන්නම් ඉතින් එක දිගට යන්න පුළුවන්, මම හිතුවා. ඇත්තටම ගමනත් හොඳට කෙරුනා. පැයකට විතර පස්සේ කෝච්චිය ඉහල කෝට්ටේ නැවතුම් පොළට ආවා. වෙලාව 3.25. මගින් කීප දෙනෙක් බැස්සා, දැක්ක විදිහට නම් කිසිම කෙනෙක් ඇතුල් වුනේ නැහැ. මේ විදිහට මෙතනත් අපි විනාඩි 25 විතර ඉන්නකොට නුවර ඉඳලා එන කෝච්චියක් ආවා. ඊට පස්සේ තමයි මම හිටපු දුම්රිය ගමන පටන් ගත්තේ. වෙලාව 3.55. තව විනාඩි 45 වත් යනවා නුවරට යන්න. අන්තිමට මම අම්ම හදල තිබුණ දවල් කෑම එක කනකොට වෙලාව 4.55.
ගමනට ගතවුන සම්පූර්ණ කාලය පැය 6 විනාඩි 40!
කොහොමද ලංකාවෙ පොදු ගමනාගමනය!
Copyright@සාමාන්‍යයෙන් ඕනෑම දෙයක්