Main image

3/25/2010

සැබෑ බුදු දහම ගැන වචනයක්!

බොහෝ කලකට ඉහත ආචාර්්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමියන් විසින් පහත සදහන් ප්‍රකාශය කරන ලද බව ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවුර් මහතා විසින් රචිත හේතුවාදී සංදේශය නම් පොතේ සදහන් වේ.

“විවිධ නම් යටතේ මානව වර්ගයා බෙදීම ආගම් වලින් කෙරෙන්නකි. මානව වර්ගයා එක් කරන එකම සාධකය මානුෂිකත්වයයි.

සංස්කෘතිය අනේක් ආකාර වේ. ජාතික, ආගමික සහ මානුෂික යනුවෙනි. මින් මානුෂික සංස්කෘතිය ඉහලින්ම සිටී. සමාජය ‍භේද කරන දේශපාලන බෙදීම් ඊට නැත. බුද්ධ ධර්මයට අනුව සියල්ල අනිත්‍යයයි. කාලයාගේ ඉක්මීම සමග සංස්කෘතියද වෙනස් වෙයි. එසේ වෙනස් වන යම් සංස්කෘතියක් වෙනස් වී යා නොදී රැකගැනීම වුවමනාවක් නැත.

මනුෂ්‍ය ඝාතන හා ලේ වැගිරීම් මගින් ආගම පැතිරවීම පිළීනොගත් බුද්ධාගම ආසියාවේ ජාත්‍යන්තර සාධකයකි. අන් ආගම්වල නැති බෞද්ධ සංස්කෘතියේ විශේෂාංගය මෙයයි. මෛත්‍රිය පදනම් කරගත් බුදුන්ගේ ඉගැන්වීමේ මුලික අදහසද මෙයයි. එනම් සියලු භේද නොතකා මානව වර්ගයාට මෛත්‍රි කිරීමයි.

මගේ ආගම, මගේ ජාතිය, මගේ භාෂාව ගැන අද බොහෝ දෙනෙක් කතා කරති. එහෙත් බුදුන්ගේ ඉගැන්වීමට අනුව සියලු බැඳීම් වැරදිය. විශ්වසාධාරන සංස්කෘතියක ට බාධා කරන නිසා ධර්මයට බැඳීම්ද (ධම්ම තණ්හා) බුද්ධ ධර්මයෙහි බැහැර කොට තිබේ. මිනිසාගේ නිදහස් සිතීමට කිසිම බාධාවක් නොතිබිය යුතුය.

සිතා මතා අනතුරුව තම ආගම තෝරාගැනීමේ අවස්ථාව අද ලෝකයේ කිසිවෙකුට නොලැබේ. උප්පත්තියෙන්ම ආගම තීරණය වනවා මිස සිතා මතා ආගම තෝරා ගැනීමක් අද නැත. මෙබඳු සම්මත බන්ධනයන්ට බුද්ධ ධර්මයේ ඉඩක් නැත.

භාෂාවකට බැඳීම් ප්‍රගතියට බාධාවකි. ජාතිවාදයද ‍එසේමය. බුදුන්ගේ ඉගැන්වීම සලකා බැලූ විට මානව සංස්කෘතියට ඉන් ලැබෙන තැන පෙනේ. බුද්ධ ධර්මයේ පදනම මුළු මිනිස් වර්ගයාට ම මෛත්‍රි කිරීමයි.”

- ආචාර්්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි -

- සිලොන් ඩේලි නිව්ස් -

උපුටා ගත්තේ – හේතුවාදී සංදේශය (ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවුර්)

ඉහත සදහන කෙතරම් සත්‍යයදැයි නිකමට සිතා බලන්න. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් මේ ප්‍රකාශය කිරීම තුල විශේෂ වටිනාකමක් එයට ලැබී ඇත.

මෙරට සියලුම දේ බිස්නස් එකක් හෙවත් ව්‍යාපාරයක් වී ඇති කලෙක ධර්මය පවා එයට යටවී ඇති බවට හොදම උදාහරණය පොහොය දිනවල සිදු කෙරෙන ශීල ව්‍යාපාරයි. මේවාට පැමිණෙන උදවියගෙන් කිහිප දෙනෙක් ඒවාට සම්පූර්ණයෙන්ම කැපවී සිටියත් බොහෝ දෙනෙකු ඒ සදහා සහභාගි වන්නේ ෆැෂන් එකක් ලෙසයි. ඔවුන් බොහෝ දෙනෙකුගේ අරමුණ කෙසේ හෝ අනෙකාට වඩා කලින් නිවන් යාමයි. එසේ නැතහොත් පන්සලේ ප්‍රධාන දායකයා ලෙස හෝ හොදම සිල්වත් පුද්ගලයා ලෙස කැපී පෙනීමටයි. ‍මෙය ධර්මයට ලැදි බව නොව ධර්මයට ඇති තණ්හාවයි. ඉහත උපුටා ගැනීමෙන් ම දැක්වෙන් පරිදි මෙය බුදු දහමේ ප්‍රතික්ශේප කෙරෙන්නකි.

එලෙසම බොහෝ රූපවාහිනි නාලිකා වලින් ද සිදු කරන්නේ ධර්ම ප්‍රචාරයක් නොව තරගයකි. බොහෝ ධර්මය දෙසන ස්වාමීන් වහන්සේලා ද සිදු කරන්නේ ධර්මය ප්‍රචාරය කරමින් එයට සවන් දෙන ප්‍රද්ගලයන්ගේ සිත් නිවීමට තැත් කිරීම නොව සමාජයේ ඇති වැරදි හෝ වැරදි යයි ඔවුන් වටහා ගන්නා දේ උලුප්පා දක්වමින් ශ්‍රවනය කරන්නන්ගේ සිත් වල වෛරය ඇති කිරීමයි.

විශේෂයෙන් ම මෙරට තරුණ පරම්පරාව මේ දේශකයානන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙකුට පෙනෙන්නේම වැරදි කරන්නටම උපන් පිරිසක් ලෙසයි. අපවත් වී වදාල ගරු ගංගොඩවිල සෝම හිමිපානන් වහන්සේ වැනි තරුණයන් යහමගට ගෙන ඔවුන් යහපත් කාර්්‍යයන් ට යොදවා ගැනීමට උත්සහ කරන්නේ ඉ‍තාම අතලොස්සක් පමණකි.

මෙය මාගේ හිතලුවක් හෝ ක්‍රෝධයෙන් කරන ගැරහීමක් ලෙස සිතන්නේ නම් ඔබ කළ යුත්තේ ඕනෑම පොහොය දිනක රූපවාහිනී නාලිකා වලින් විකාශනය වන ධර්ම දේශනයන්ට හෝ පන්සලක පැවැත්වෙන ධර්ම දේශනාවකට විවෘත මනසින් සවන් දීමයි.

බුද්ධ දර්ශනය විවෘත මනසකින් කියවා බලා නුවණින් ගෙන ක්‍රියාත්මක කරන්නේ නම් එය ඉතාමත් වටිනා ජීවන දර්ශනයක් බව ඔබට වැටහෙනු ඇත. නමුත් අද බොහෝ දෙනා කරන්නේ ජනප්‍රිය බුදු දහම සහ මෑත කාලිනව ඉන්දියාවෙන් අපට ලැබුණු දේව සංකල්ප හා විශ්වාස පටලවාගෙන බුදුන්ගේ නිර්මල දර්ශනය විකෘති කිරීමයි.

3/13/2010

අවාරෙ සිරිපාද ගමන

මේක ටිකක් පරණ කතාවක් වුනත් සින්ඩියේ ඉන්න අයට දැකගන්න සලස්වන්න හිතුනා.

අපි මේ ගමන ගියේ 2009 සැප්තැම්බර් මාසේ දවසක, ඒ කියන්නේ සිරිපා කරුණා කරන සාමාන්‍ය කාලයේදි නෙවෙයි. ඇත්තටම අපි මේ ගමන දැන් අවු 5 තිස්‍සේ අවුරුදු පතා කරනවා. කිසිම බාරයකටනම් නෙවෙයි, මේ අපි ඉන්න දූවිලි පිරුණු කර්කශ ලෝකෙන් ඈත් වෙලා දවස් 2ක් හරි ඉන්න පුලුවන් නිසා.

ගමන ගැන කියනවනම්, තනිකරම මීදුම, නැත්නම් වැස්ස, යන්තම් විනාඩියකට වගේ ඉර එලිය, ඒත් විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම නැවුම් වාතය සහ පොළොව.

පුදුමාකාර හැගීමක් තමයි දැනෙන්නේ. අනිත් එක සිරිපා කරුණා කරන කාලෙට දකින්න නොලැබෙන සහ කරන්න නොලැබෙන බොහෝ දේ අපිට ලැබුනා

උදාහරණයකට කියනවනම් අපි උඩට අරන් ගියේ ලොකු වතුර බෝතල් දෙකයි, මදි පාඩුවට ගත්තේ සීත ගගුලේ වතුර සහ ඊට උඩදි කැලේ මැදින් එන දියපාරවල වතුර

කොහොමද වාරෙට මේ වතුර බිව්වොත්, පාවනය සහ කොලරාව හැදිල!

පහල තියෙන පින්තූර බලන්න, මම වචන නාස්ති කරන්නේ නැහැ.






























3/12/2010

මෙවර මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආසන කීයක් ලබා ගනීද?

කරුණාකර මගේ මත විමසුමට සහයක් දක්වන්න, ඔබේ පිළිතුරත් සදහන් කරන්න!

3/05/2010

කට්ටිය දැන් ‍බ්ලොග් කියවීම සීමා කරලද? නැත්නම් කමෙන්ට් දැමීම නවත්තලද?

මේක මගේ බ්ලොග් එක විතරක් බලන්නෙ නැති කමද නැත්නම් පොදුවේ වෙන දෙයක්ද?

මම පෝස්ට් කීපයක්ම ලගදි දැම්මත්, කමෙන්ට් නම් ලැබිල තිබුනෙ බොහොම සීමිත සංඛ්‍යාවක්. ඇයි මෙහෙම වෙන්නෙ?

No of visits 800 පැනල ඒත් කමෙන්ට්ස් තියෙන්නෙ 30 විතර, සම්පූර්ණ ලිපි එකතුවටම. මේක හොද දෙයක් නෙවෙයි. මොකද විවේචනය තමයි තවත් ලියන්න පොළඹවන්නෙ. මම නම් අනිවාර්්‍යයෙන්ද දවසට කමෙන්ට් 5ක් වත් දානවා.

කරුණාකරලා ඇවිත් යන අය හොදයි/නරකයි කියලවත් යන්න.

3/04/2010

විවාහයට වයස බලපාන්නේ කොහොමද?

මට මේ ලිපිය ලියන්න හිතුනේ "විවාහ වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්" කියන ලිපිය කියෙව්වට පස්සෙ. මගේ ලිපිය කියවන්න කලින් ඒක කියවල හිටියොත් හොදයි මම හිතන්නෙ.....!

මේ මාතෘකාව යටතේ ශාස්ත්‍රිය නැත්නම් සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක ලිපියක් ලියන්න තරම් විශෙෂඥ දැනුමක් මට නැති වුනත් මම ඉගෙනගෙන සහ අත්දැකීමෙන් දන්න සමාජ විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක කරුණු වලින් දද පැහැදිලි කිරීමක් කරන්නම්. වැරදි පෙන්වා දීම ඔබේ වගකීමක්!

විවාහයකදි වයස බලපාන විදිහ විවිධයි.

කොහොමටත් අවු 20 සහ 40 වගේ ලොකු පරතරයක් තියෙන දෙන්නෙකුගෙ විවාහය නම් අසාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි.

ඒත් මම කතාකරන්න යන්නේ ඉහත ලිපියෙන් කියන කාරණා කීපයක් ගැනයි.

"පිරිමියා කාන්තාවට වඩා වයසින් අඩුවීම කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ"

මේ තර්කයට එකග වෙන්න ටිකක් අමාරුයි.

හේතුව මෙතනදි විවාහයක් අසාර්ථක වෙනවනම් ඊට බලපාන්නෙ දෙදෙනාගෙ අන්‍යොන්‍ය තේරුම් ගැනීමේ හැකියාවයි.

ජීව විද්‍යාත්මකව ගත්තොත් කාන්තාව වයසින් වැඩිවීමේදි වෙන්න පුලුවන් දේවල් කීපයක් තියෙනවා.

1. බොහෝ වෙලාවට මෙතනදි කාන්තාව අවු 30 දි වත් විවාහ විය යුතුයි. හේතුව කාන්තාවකට දරුවන් ලැබීමට හොදම සහ ආරක්ෂාකාරීම වයස අවු 24 - 35 අතර නිසා. මෙහිදී ඇතිවන ප්‍රශ්නය තමයි පිරිමියාට තරමක් අඩු වයසින් විවාහ වීමට සිදුවීම - අපි හිතමු කාන්තාව අවු 4 වැඩිමල් කියල. එහෙමනම් ඇයට 30 වෙනකොට පිරිමියාට වයස 26.

මෙතනදි පිරිමියාට තරමක් අඩුවයසෙදි වැඩි වගකීමක් ගන්න වෙනවා. ඒත් බිරිදගෙන් හරි විදිහට සහයෝගයක් ලැබෙනවනම් මේ ප්‍රශ්න බොහෝදුරට අවම වෙනවා.

කාන්තාව අනවශ්‍ය විදිහට පිරිමියාව පාලනය කරනවා කියන තර්කයට නම් කොහොමටවත් එකග වෙන්න බැහැ, මොකද පිරිමින්ව පාලනය කරන කාන්තාවන් ඕන තරම් ඉන්නවා වයසින් ඇය අවු 7-8 අඩුවුනත්. මේකට කාන්තාව වයසින් වැඩිවෙන්න ඕනෙම නැහැ.

2. බොහෝ කාන්තාවන් පිරිමින්ට වඩා ඉක්මනින් බාහිර රූපයෙන් වැහැරීමේ ප්‍රවනතාවයත් වැඩියි. මේකට එක හේතුවක් තමයි ඇයට වයස 40-45 අතර ආර්තවහරණය සිද්ධවීම, එහෙමත් නැත්නම් දරුවන් ලැබීමේ හැකියාව නැතිව යාමත් සමගම සිදුවන යම් යම් හෝමෝන ක්‍රියාකාරීත්වයන් නැවතීම.

මෙහිදී පිරිමියා වයසින් අඩුයිනම් මෙය වඩාත් වැඩියෙන් දැනී යා හැකියි. බොහෝ වෙලාවට පිරිමින් වෙනත් ආශ්‍රයයන් සොයා යාමට මෙය බලපෑ හැකියි. නමුත් දෙදෙනා අතර අවබෝධය හොදින් තියෙනවනම් මේ තත්ත්වයත් පහසුවෙන් මගහරවා ගත හැකියි.

3. තුන්වන් අවස්ථාව නම් බොහෝවිට සමාජ විද්‍යාත්මක පැත්තට බරයි.
අපේ රටේ බොහෝ කාන්තාවන් වයස 40-45 වගේ වෙනවත් එක්කම ආගම පැත්තට වැඩියෙන් බරවෙනවා, ඒ වගේම දරුවන් ලැබීමත් ඔවුන් වැඩීමත් සමගම ලිංගික චර්යා සදහා තියෙන කැමැත්ත අඩුවෙනවා.

ඇත්තටම මේක ජීව විද්‍යාත්මකව වෙන දෙයකට වඩා සමාජමය වශයෙන් තියෙන මත නිසා ඇතිවන දෙයක්. මොකද ජීව විද්‍යාත්මකව බැලුවොත් කාන්තාවකගේ වුනත් ශාරීරිකව මේ හැකියාව අවු 40 වෙද්දිනැතිවෙන්න තියෙන ඉඩ අඩුයි. ගොඩක් වෙලාවට වෙන්නෙ ඉහත කිව්වා වගේ සමාජයෙන් අසන්නට සහ දකින්නට ලැබෙන දේවලුත් එක්ක මේ අකමැත්ත ගොඩනැගීමයි. නමුත් මේ අවස්ථාවලත් ‍99% ක් ම පිරිමි පාර්ශවය සක්‍රියයි. අන්තිමට සිද්ධ වෙන්නෙ පවුල් ප්‍රශ්ණ ඇතිවීමයි.

බොහෝ වෙලාවට අපේ රටේ සමාජය විසින් වික්ටෝරියානු සම්ප්‍රදාය අනුගමනය කරමින් බලෙන් පටවාගත් සංස්කෘතියක් ගැන කතාකරමින් එහෙමත් නැත්නම් ඊනියා ආගම් වාදීන්ට රැවටීමෙන් මේ තත්ත්වය ඇතිවෙනවා.

දෙදෙනා අතර අවබෝධය හොදින් තියෙනවනම් මේ තත්ත්වයත් පහසුවෙන් මගහරවා ගත හැකියි.

මේ විදිහට බැලුවාම විවාහයට වයස සම්බන්ධයෙන් තියෙන බලපෑම දෙදෙනාගේ අවබෝධය මත බොහෝ දුරට මගහරවා ගන්න පුලුවන්.

අපේ රටේ මේක ටිකක් දුර්ලභ දෙයක් වුනාට බොහොමයක් බටහිර රටවල මේ විදිහේ විවාහ තියෙනවා. අපි හිතන්නෙ ඒව සාර්ථක නැහැ කියලා, මේකට හේතුව තමයි අපිට මාධ්‍ය මගින් අහන්න දකින්න ලැබෙන්නෙ ම අසාර්ථක වුන විවාහයන් ගැන වීමයි.

ඇත්තටම හොදින් බැලුවොත් පෙනේවි පිරිමියාට වඩා කාන්තාව වැඩිමහල් වුන විවාහයක් කරගෙන බොහොම හොදින් පවුල් ජීවිත ගත කරන අය.

මේ විදිහෙම තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ගොඩක වෙලාවට පිරිමි හොයන්නෙ තමන්ට වඩා උසින් අඩු කාන්තාවන්, කාන්තාවන් හොයන්නේ තමන්ට වඩා උසින් වැඩි පිරිමින් වීම.

ඇත්තටම නම් ආදරය, විවාහය සහ ජීවත්වීම කියන්නෙ මේ විදිහේ පටු දේවල් වලට වඩා එහාට ගිය බොහොම සුන්දර දෙයක්!