Main image

2/25/2010

ජ්‍යොතිෂ ශාස්ත්‍රය සහ එහි ඉතිහාසය

නක්ෂත්‍රය ලෙසද ජ්‍යොතිෂ ශාස්ත්‍රය (Astrology) හදුන්වනු ලැබේ. ග්‍රහවස්තූන් සහ තාරකා නීරීක්ෂණය කිරීමෙන් පසු ඒවායේ ගමන් මාර්ගය සහ හැසිරීම්වල ඇතිවන වෙනස ඒ ඒ මනුෂ්‍යයා කෙරෙහි බලපාන්නේ කෙසේද, කුමන ආකාරයකටද, කොපමණ ප්‍රමාණයකටද, යන්න ගණිතමය ලෙස ගණනය කිරීමත් එකී නිරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස අනාවැකි ඉදිරිපත් කිරීමත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ස්වභාවය වෙයි.

ජ්‍යොතිෂය විෂයක් ලෙස බිහිවූයේ අවුරුදු දහස් ගණනකට පෙරය. පෘථිවිය පැතලියයිද දෙවියන් වසන ආකාශ ගෝලය ඊට ඉහලින් ඇතැයිද එකළ විශ්වාස කරන ලදී. ග්‍රහ වස්තූන් ගමන්ගන්නේ දෙවියන්ගේ කැමැත්ත මතයැයි පිළිගනු ලැබීය. මිනිසාගේ ඉරණම දෙවි දේවතාවුන් සහ ග්‍රහ වස්තු මගින් පාලනය වෙතැයි කල්පනා කිරීමේ හේතුවෙන් බිහිවූ මිත්‍යා විශ්වාසයක් ලෙස ජ්‍යොතිෂය හැදින්විය හැකිබව ඇල්ෆන් තරංගය සොයාගත් ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය හෑන්ස් ඇල්ෆන් පෙන්වා දී ඇත.

ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක නිරීක්ෂන සහ ගණිතමය ගණනය කිරීම් මත පදනම් වූ අඩක් ආනුභවික අඩක් මිත්‍යා විශයක් යයි පිළිගැනීමක් ඇත.

ග්‍රහවස්තූන් මනුෂ්‍යයා කෙරෙහි පමණක් නොව ඕනෑම ශාකයක් හෝ සත්ත්වයෙකු කෙරෙහි යම් බලපෑමක් කරන බව සත්‍යයකි. නූතන ‍ක්වොන්ටම් විද්‍යාවට අනුව මෙය තරමක් පැහැදිලි කළ හැකියි.

ජලය නොමැති විට ශාක වියලී යයි, සූර්්‍යාලෝකය නොමැතිව දීර්ඝ කලක් කිසිවෙකුටත් පැවතිය නොහැක, එසේම සූර්්‍යතාපය අධික දිනවල මිනිස් සිරුරට පීඩා ගෙන දෙයි, එහෙත් යම් තෝරාගත් ජීවියෙකුට ග්‍රහ වස්තූන් නිශ්චිතවම කෙසේ බලපාන්නේදැයි ගණනය කළ නොහැකිය. ජීවියා උපත ලැබූ අවස්ථාවේ ග්‍රහවස්තූන් පිහිටි ආකාරය මත ජීවියාගේ අනාගත ජීවිතය ගැන නියත අනාවැකි කීම නොකළ හැක්කකි. එහෙයින් ජ්‍යොතිෂ්‍ය සත්‍යවූ දත්ත මත ගොඩනැගී ඇති මිත්‍යා විද්‍යාවක් ලෙස හදුන්වා දිය හැකිය. එය අනුභවික ලක්ෂණ මෙන්ම රූපික ලක්ෂණ ද සහිත විද්‍යාවකි.

"මෙය තනිකරම සූදුවකි. පලපුරුද්ද ඇත්තෝ අනාවැකි කීමෙන් ජයගනිති."

2/24/2010

කාගිල්ස් ෆුඩ් සිටි සහ සදාචාරය



ලංකාව යනු සදාචාරය සහ සභ්‍යත්වයට මුල් තැනක් දෙන, සම්ප්‍රදාය ගරු කරන රටක් කියලා බොහෝ දෙනෙක් කියනවනේ. දැන් රජයෙනුත් මේ දේවල් නීති මගින් හරි කරවන්න යනවා කියලත් ආරංචියි. විශේෂයෙන්ම අන්තර්ජාලය සීමා කිරීම, මතට තිත වගේ දේවල් වලින්.

දැන් ප්‍රසිද්ධ ස්ථාන වල මත්පැන්, දුම්වැටි තහනම්. බාර් එකකට ගැහැනු කෙනෙක් ගියොත් මොනවත් ගන්න බැහැ. මේ හැමදේම හොදමට හොදයි.

ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ කාගිල්ස් ෆුඩ් සිටි වල මත්පැන් වෙළදසැලේ මත්පැන් අලෙවි කරන්න කාන්තාවක් යොදා ගැනීම මේ සදාචාරයට එකගද කියන එකයි.

විශ්වාස නැත්නම් ගම්පහ කාගිල්ස් ෆුඩ් සිටි එකේ මත්පැන් වෙළදසැලට ගිහිල්ලම බලන්න.

2/17/2010

ලංකාවේ ගමනාගමනය


මේ ලියන්න යන්නෙ ගමනාගමනය ගැන විග්‍රහයක් නම් නෙමෙයි, මේ ළකදි මට සිදුවුණ දෙයක්.

ලංකාවේ පොදු ප්‍රවාහන සේවයකින් ගමනක් යනවා කියන්නේ අපේ විදිහට කියනවා නම් කුණක්. මම හිතන්නේ බස් වල හෝ දුම්රිය වල ගමන් කරලා තියෙන කෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති.

කිලෝමීටර් 120 කියන්නේ දැන් කාලේ බොහොම සුලු දුරක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. කැනඩාවේ ඉන්න මගේ හො මිත්‍රයෙක් හැම දවසකම පැයක් ගතකරලා කි.මි. 100 දුරක් යනවා තමන්ගේ වැඩකරන ස්ථානයට, ජපානයේ ඉන්න මගේ මල්ලි කාලයක් දුම්රියෙන් කි.මි. 100 වැඩි දුරක් හැමදාම ගමන් කළා වැඩ කරන තැනට, ඉතින් මේ දේවල් හිතනකොට මේක හරි සරල දෙයක්.

කි.මි. 120 කියන්නේ කොළඹ ඉලා මගේ උපන් ගමට තියෙන් දුර. හරියටම කිව්වොත් කොළඹ ඉලා මහනුවරට තියෙන දුර, එතන ඉලා තව කි.මි. 4ක් තියෙනවා මගේ ගෙදරට. සම්පූර්ණයෙන්ම ගත්තොත් කි.මි. 124 හෝ 125.

කියන්න පුළුවන්ද මට මේ ගමන යන්න කොච්චර වෙලාවක් ගියාද කියල. මේ කියන්නේ සෙනසුරාදා උදේ වරුවක් ගැන. හරියටම කිව්වොත් පැය 6 ට වැඩිය ගියා!

මම උදේ 10.15 (හරියටම වෙලාව මතක නැහැ, ඒත් මතක විදිහට 10.15 තමයි) තියෙන මහනුවර දුම්රියට කොළඹ කොටුවෙන් නැග්ගේ විනාඩි 20ක් කලින්. වැඩි හොට දෙවන පන්තියේ ටිකට් එකක් ගත්තා ටිකක් හරි අඩුවෙන් හිරවෙලා යන්න හිතාගෙන. ඒත් බලනකොට දෙවනි පන්තිය මොකක්ද, තුන්වන පන්තිය මොකක්ද කියලා හොයා ගන්න බැරි තරමට සෙනග. දෙවන පන්තියේ ගමන් කරන හැමෝම ඒ අදාල ටිකට්ම අරගෙන ඉන්න අයද කියලා මටනම් වෙලාවකට සැකයි. මොකද කවුන්ටරයෙන් කිව්වේ 2nd class ටිකට් වැඩිය ගිය නැති බවයි. ඒත් මොනව කරන්නද, යන්තම් දොර ළ එල්ලුනා. මම අකමැතිම සහ බයම දේ තමයි දොරේ එල්ලිලා යන එක. එක වතාවක් අසාවට ගිහිල්ලා‍ තේරුම් ගත්තා අයෙ නම් කවදාවත් ඒ ගොන් වැඩේ කරන්නේ නැහැ කියලා. ඒත් එදා නම් කරන්න දෙයක් තිබුනෙම නැහැ. කොහොම හරි ඒක හරි කියමුකෝ, දැන් වෙලාව 10.20, තවම කෝච්චිය තිබුණු තැනමයි. මම හිතුවා විනාඩි පහ කියන්නේ එච්චර දෙයක් නොවෙයිනේ, දැන් යන්න පටන් ගනී කියලා. කිසිම දැනුම්දීමකුත් නැහැ වෙලාව 10.30. මම වටපිට බැලුවා වැරදි කෝච්චියටද නැගලා තියෙන්නේ කියලා දැනගන්න. ඒත් නැහැ. ඔන්න ඒ වෙලාවේ ස්ටේෂන් එකේ යකඩ කට කෑගහන්න පටන් ගත්තා. “පෙරවරු 10.15 මහනුවර සහ මාතලේ බලා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින විනාඩි 30 පමණ ප්‍රමාදවී ධාවනය වේ” කියලා. මම කල්පනා කළේ 10.15 යන්න තියෙන් කෝච්චිය පරක්කු වෙනවා කියල කියන්නෙත් 10.30 ට නම් මොනවා කරන්නද කියලයි. යන්තම් 10.45 කිව්වා දැන් කෝච්චිය පිටත් වෙනවා කියල. ඒත් 10.50 වෙලත් කිසිම වෙනසක් නැහැ. යන්තම් එකොළහට විනාඩි පහක් තියෙද්දි කෝච්චිය යන්න පිටත් වුනා. මේක සීග්‍රගාමී දුම්රියක් නිසා ටිකක් ඉක්මනට යන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒත් සංඥා (signal) නොලැබීම නිසා කීප තැනක නවත්තමින් යන්තම් 1.30 ට කෝච්චිය පොල්ගහවෙලට ආවා. මෙතන ඉලා තව පැය එකහමාරක්වත් යනවා නුවරට යන්න. පොල්ගහවෙලින් සෑහෙන පිරිසක් බැහැල ගිය නිසා යන්තම් ඉඩ ටිකක් ලැබුණා. මමත් බැහැලා කැන්ටිමට ගිහිල්ලා වතුර බෝතලයක් එහෙම අරගෙන පොඩි බිස්කට් එකකුත් බඩට දාගත්තා. අම්මට දවල් කෑමට එනවා කියලා තිබුණ නිසා මම වෙන දෙයක් කෑවෙත් නැහැ.

ඉතින් මෙතන කෝච්චිය විනාඩි දහයක් විතර තිබුණා. බලනකොට බඩු වගයක් පටවනවා. වැඩේ ඉවර වෙන්න තව විනාඩි පහක් ගියා. ඒත් තවමත් ගමන පටන් ගත්තේ නැහැ. තවත් විනාඩි 15 කට විතර පස්සේ දැනුම්දීමක් කළා කෝච්චිය පැය බාගයක් විතර පරක්කු වෙන බව කියලා.

දැන් වෙලාව 2.00. බලනකොට එන්ජින් එක පෙට්ටි වලින් වෙන්කරලා අහකට ගත්තා. තවත් විනාඩි 20 ක ට විතර පස්සේ තව එන්ජින් එකක් ගෙනල්ලා සවි කළා. අන්තිමට 2.25 ට කෝච්චිය ආයෙත් ගමන පටන් ගත්තා. දැන්නම් ඉතින් එක දිගට යන්න පුළුවන්, මම හිතුවා. ඇත්තටම ගමනත් හොට කෙරුනා. පැයකට විතර පස්සේ කෝච්චිය ඉහල කෝට්ටේ නැවතුම් පොළට ආවා. වෙලාව 3.25. මගින් කීප දෙනෙක් බැස්සා, දැක්ක විදිහට නම් කිසිම කෙනෙක් ඇතුල් වුනේ නැහැ. මේ විදිහට මෙතනත් අපි විනාඩි 25 විතර ඉන්නකොට නුවර ඉලා එන කෝච්චියක් ආවා. ඊට පස්සේ තමයි මම හිටපු දුම්රිය ගමන පටන් ගත්තේ. වෙලාව 3.55. තව විනාඩි 45 වත් යනවා නුවරට යන්න. අන්තිමට මම අම්ම හදල තිබුණ දවල් කෑම එක කනකොට වෙලාව 4.55.

ගමනට ගතවුන සම්පූර්ණ කාලය පැය 6 විනාඩි 40!

කොහොමද ලංකාවෙ පොදු ගමනාගමනය!